යතුරුපැදි ධාවකයන් සදහා සම්මත ප්රමිතීන් අනුව නිපදවූ හිස් ආවරණ පමණක් පැළදීම මේ වසරේ අප්‍රේල් 1 වනදා සිට අනිවාර්ය බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මෙම වැඩසටහන සදහා ශ්‍රීලංකා පාරිභෝගික සේවා අධිකාරිය හා ප්‍රමිති ආයතනය සහය වනු ඇති.
පසුගිය ජනවාරි 30 වනදා රිය අනතුරුවලට ලක්වූ පවුල් වල සාමාජිකයන්ට වන්දි මුදල් ලබා දීම සදහා එම අමාත්‍යංශයේදී පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත. 2015/ 2016 කාල සීමාව තුල හේතුව හදුනානොගත් රිය අනතුරු වලින් 250 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර 400ක පමණ පිරිසක් දැඩි ලෙස තුවාල ලබා ඇති බවත් එතුමා මෙහිදී වැඩි දුරටත් පවසා සිටියේය.