Friday, November 22, 2024

“විශ්වවිද්‍යාල සිසුන් කිසිවෙක් ත්‍රස්තවාදීන් නොවේ.” – නැගෙනහිර විශ්වවිද්‍යාලීය සිසුහු කියති !

Must read

ඡායාරූප - http://supeedsam.ch
ඡායාරූප – http://supeedsam.ch

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දෙවන වසර හා පළමු වසර සිසුන් විසින් විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂනයක් හා පෙළපාලියක් පවත්වා තිබෙනවා. ඒ පසුගිය සදුදා දිනයේදීයි (16). තම නේවාසිකාගාර වලින් ඇරඹූ මෙම උද්ඝෝෂනය පසුව පරිපාලන ගොඩනැගිල්ල වෙත පැමිණ තිබෙනවා.

නේවාසිකාගාර වැඩි කිරීම, ශිෂ්‍යාධාර ප්‍රශ්ණ විසදීම, විශ්වවිද්‍යාල භූමියේ ඇති සියළුම පොලිස් මුරපොලවල් ඉවත් කිරීම, CCTV කැමරා ඉවත් කිරීම,  ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වන අතර විශ්ව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්  කිසිවෙක් ත්‍රස්තවාදීන් නොවන බවත් කිසිවෙක් LTTE සංවිධානයේ සාමාජිකයන් නොවන බවත් අවධාරණය කර ඇති සිසුන්, එම නිසා බුද්ධි අංශයේ නිළධාරීන් විශ්වවිද්‍යාලීය භූමිය තුලට පැමිණීම දැඩි ලෙස වි‍වේචනයට ලක් කර තිබෙනවා. උපකුලපතිවරයා රජයේ රූකඩයක් ලෙස කටයුතු කිරීම මෙවැනි තත්වයන්ට ප්‍රධානම හේතුව බව සිසුන් චෝචනා කර සිටිනවා.

මේ ගැටළු සම්බන්දයෙන් විශ්වවිද්‍යාලයේ බලධාරීන් විසින් නිසි පියවර නොගන්නේනම් ඊලග පියවර ලෙස තමන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිටටත් යාමට සූදානම් බව සිසුන් වැඩිදිරටත් ප්‍රකාශ කර තිබෙනවා.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article