Friday, November 22, 2024

නියගයට මුහුණ දීමට රජයෙන් ළිං 7000ක් ..

Must read

රජය විසින් කෘෂිකර්මය සදහා යොදාගන්නා ළිං 7000ක් ප්‍රතිසංස්කරණය කරමින් සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් වීරසිංහ මහතා පවසනවා. ඒ අනුව වගාවන් ආරක්ෂා කිරීමට තමන් උපරිම ලෙස ක්‍රියා කරන බවත් සදහන් කර තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය සාක්ච්ඡාවක් අමතමින් මේ පිලිබදව ප්‍රකාශ කල එතුමා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම නියං තත්වය පිලිබදව තම දෙපාර්තමේන්තුව කලින් දැනුවත් කර තිබූ නිසා මේ පිලිබදව තමන් දැනුවත්ම සිටි බවත් සදහන් කර සිටියා. ඒ නිසාම වී වගා කිරීම සදහා  අකක්ර 59,39,000 පමණක් යොදා ගත් අතර ඉතිරි අක්කර 19000 වෙනත් වගාවන් සදහා වෙන් කල බවත් එතුමා වැඩි දරටත් සදහන් කර සිටියා.
මේ වන විට ජලාශ සතුව ඇත්තේ 23%ක ජල ප්‍රමාණයක් පමණක් බවත් එයින් කොටසක් වගාවන් වෙනුවෙන් යොමු කල විට ඉතිරි වන්නේ 10%ක් බවත් සදහන් කල එතුමා වගාවන් සදහ් තවත් ළිං 1225ක් පමණ අවශ්‍ය බවත් සදහන් කර සිටියා.
IMG_0497-JPG-Farmers-in-teh-Ruhuna-Basin-2
news.lk ඇසුරිනි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article