බේත් හිගයක් ගැන පමණක් නොව ආහාර හිගයක් ගැනද කතාවෙන්නට පටන් ගෙනය.
මේ අතර අද පැවැති පාර්ලිෙම්න්තුව හමුවද ඉතා වැදගත් යථාර්ථයක් රටටත් ලෝකයාටත් කියා පෑ එකක් විය.
අද (23) පෙරවරු 10.30ට රැස්වූ පාර්ලිමේන්තු සභාවාරය සඳහා මහින්ද පිලේ මන්ත්රීවරුන්ගෙන් සහභාගී වී ඇත්තේ මන්ත්රීවරු 86 දෙනෙකු පමණය යන්න රටේ ජනතාවට මේ කුමන්ත්රණ ආණ්ඩුවේ හයියේ තරම පෙන්වාදිමට ඉතා කදිම නිදසුනකි.
මීට පෙර පාර්ලිමේන්තුව රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 දිනවලද මෙලෙසම මෛත්රී – මහින්ද පිලේ මන්ත්රීවරු පාර්ලිමේන්තුවට සහභාගීවීමෙන් වැළකී සිටි අතර අද දින එලෙසම එම කණ්ඩායමේ මන්ත්රීවරු 17දෙනෙකු පමණ පිරිසක් පාර්ලිමේන්තුවට සහභාගීවීමෙන් වැළකී සිටි තිබේ..
ඉන් කියැවෙන්නේ මහින්ද පෙළේ සිටගන්නවා යැයි සිතා සිටින මන්ත්රින් රැසක් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණිම පවා මගහරිමින් සිටින බවය.
මේ අනුව රටටත් ලෝකයාටත් පෙන්වා දෙමින් සිටින ඇත්තම තත්වය වන්නේ ජනපතිගේ සිරිසේනගේ සහ රාජපක්ෂගේ කුමන්ත්රණ ආණ්ඩුව පචවෙමින් තියෙන තරමය.