Thursday, June 4, 2026

මුව අං තට්ටු ප්‍රදර්ශනය කළ හෝටල් දෙකක කළමනාකරුවන් සහ අං තට්ටු අත් අඩංගුවට

Must read

 

කෑගල්ල ප්‍රදේශයේ හෝටලයක මුව අං තට්ටු සහිත හිස කොටසේ අනුරූ ඇති බවට ලද තොරතුරක් අනුව පසුගිය 25 වන දින බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් හදිසි වැටලීමක් සිදුකළා. එහිදී මුව අං තට්ටු සහිත අනුරූ 02 ක් සමග හෝටලයේ කළමනාකරු අත්අඩංගුවට ගත්තා. කෑගල්ල අලපලාවල , දෙබත්ගම ප්‍රදේශයේ හෝටලයක ද මුව අං තට්ටුවක් ඇති බවට ලද තොරතුරු අනුව එම හෝටලය පරීක්ෂා කළ අතර එහිදී ද හෝටල් කළමනාකරු සමග මුව අං තට්ටුවක් අත්අඩංගුවට ගත්තා.

ඒ අනුව එම පළමු වැටලීමට අදාළ හෝටලයේ කළමනාකරු අත්අඩංගුවට ගත් අතර එළඹෙන මස 05 වන දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර දෙවන වැටලීමට අදාළ සැකකරු එළඹෙන මස 05 වන දින මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත වන සතෙකුගේ ⁣සත්ව කොටසක් සන්තකයේ තබා ගැනීම , ප්‍රවාහනය කිරීම , ප්‍රදර්ශනය කිරීම හා විකිණීම දඩුවම් ලැබිය හැකි වරදක්.

මෙම වැටලීම බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරී ඉමේෂ් ගුණතිලක බණ්ඩාර වනසත්ත්ව අඩවි සහකාර උදිත විදුරංග ක්ෂේත්‍ර සහයක නාරද , කළුආරච්චි රියදුරු සමන් යන නිලධාරීන් විසින් සිදුකළා.

Department of wildlife conservation sri lanka

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article