ත්‍රිමලේ සිද්ධිය වත්මන් ආණ්ඩුවේ තිත්ත ඇත්ත ගැන කදිම ලිට්මස් ටෙස්ට් එකක්.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදියට නීති විරෝධි ඉදිකිරිමක්.මේ නිසා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනව.
මඩකලපු මන්ත්‍රි ශානක්‍යයන් කියපු විදියට මේක නොවැ 21 විපක්ෂයේ වැඩේ ට ජාතිවාදයෙන් ගැම්ම ගන්න කරපු වැඩක්.
චානක සහෝදරයා එයාගේ ෆේස් බුක් පිටුවේ ත්‍රිමලේ සිදුවිම සාරාංශ කරල තිබුනෙ මේ විදියට..
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුවීමේ මහ ලොකු දෙයක් නෑ. සිද්ධිය මෙච්චරයි.
1️⃣ පූජාභූමි ඔප්පුවක් තියෙනවා කියලා හාමුදුරුවෝ කියනවා.
2️⃣ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයක් කියලා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා.
3️⃣ මෙම ඉඩමේ ක්‍රියාකාරකම් තහනම් කරලා උසාවි නියෝගයක් තියනවා කියලා පොලිසිය කියනවා.
4️⃣ ක්‍රියාකාරකම් තහනම් කරලා තියෙන ඉඩමේ පිරිසක් බලෙන් ගිහින් බුදුපිළිමයක් තියලා තියෙනවා.
5️⃣ බලෙන් තිබ්බ බුද්ධ ප්‍රතිමාව පොලිසියට අරන් ගිහින් පොලිසියේ තැම්පත් කර තිබෙනවා.
6️⃣ අද සියලු පාර්ශවවලට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
කාටවත් හිතුමතේට ඕන ඕන දේ කරන්න බෑ.
ඕන ඕන දේවල් කරන්න දෙන්න ඕනෙත් නෑ. 😊
අධිකරණය ප්‍රශ්නේ විසදයි. ✋😃
ඊයේ සිදුවිමේදි පොලිසිය කටයුතු කරපු ආකාරය ගැන පොලිස් ඇමති අද පාර්ලිමේන්තුවේදි කරපු ප්‍රකාශය තුල ඉතා පැහැදිලිව පෙනි ගියේ වත්මන් ආණ්ඩුවත් සිංහල බෞද්ධ ජාතිවාදයට කොයිතරම් බයද කියන එකයි.
ජාතිවාදයට මේ රටේ ආයේ ඉඩක් නෑ කියල ජනාධිපති කොයිතරම් හයියෙන් මොර ගැහැව්වත්.ඇත්ත කතාව තමයි අද පොලිස් ඇමතිගේ යු ටර්න් එක විසින් පෙන්නුම් කරන්නේ.
ශානක්‍යයන් මන්ත්‍රවරයා එයාගේ ලියල තිබුන සටහනේ දල සිංහල පරිවර්තනය…
අද උදෑසන මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධාන ආපසු හැරීමක්. ඔහු තම පෙර ස්ථාවරය වෙනස් කර ඇති අතර දැන් පවසන්නේ නීති විරෝධී විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලැබෙන බවයි, ප්‍රතිමාව යම් හානියක් විම වැළැක්වීම සඳහා පමණක් ඉවත් කරන ලද බව පවසා ඇත.. එය ලැජ්ජා සහගත වන අතර, අමාත්‍යවරයා සහ රජය ජාතිකවාදී පීඩනයට යටත් වී ඇති බව පැහැදිලිය.
අපි අවංක වෙමු. දෙමළ ජනතාව කිසි විටෙකත් ආගමික සිද්ධස්ථාන විනාශ කර නැත, වසර 30 ක යුද්ධයක් අතරතුර පවා. “විනාශකාරීත්වය” නිදහසට කරුණක් ලෙස භාවිතා කිරීම පිළිගත නොහැකි දෙයක් පමණක් නොව, සැමවිටම පූජනීය ස්ථානවලට ගරු කළ ප්‍රජාවකට කරන අපහාසයකි.
තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකුවන සඳුන් තුඩුගල සිය ෆේස්බුක් පිටුවේ මේ සටහන තබා තිබුණා.

