Tuesday, February 25, 2025

Made in Mullaithive ප්‍රවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ!

Must read

මුලතිව්හි නිෂ්පාදිත දේශීය නිෂ්පාදක ප්‍රවර්ධන මධ්‍යස්ථානය ඉයේ 24 වනදා  විවෘත කරන ලදි. කැනේඩියානු ද්‍රවිඩ සංගමයේ සහයෝගය ඇතිව  මුලතිව් දේශීය නිෂ්පාදක ප්‍රවර්ධන මධ්‍යස්ථානය  ඊයේ  පෙරවරු 10.00 ට මුලතිව් නව බස් නැවතුම්පළේ පිහිටුවා ඇති ගොඩනැගිලි සංකීර්ණයේදී ආරම්භ කරන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා වූ එම්. ඒ උමාමගේෂ්වරන්, සහ වවුනියාව විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ පීඨයේ පීඨාධිපති එම්. යෝ. නන්තගෝපන්, විශේෂ ආරාධිතයා ලෙස සහභාගී විය.

මුලතිව් දිස්ත්‍රික් දිසාපතිවරයාගේ සහ දේශීය නිෂ්පාදකයන්ගේ ඉල්ලීම පරිදි කැනේඩියානු දෙමළ සංගමයේ මූල්‍ය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම විශේෂත්වයකි.

මෙම ව්‍යාපෘතිය මඟින් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා ලබා දීම සිදු කෙරේ. එය සාර්ථක වුවහොත් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම උත්සවයට මුලතිව් දිස්ත්‍රික්කයේ අතිරේක දිසාපති එම්. එස් ගුණපාලන්, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, කැනේඩියානු දෙමළ සංගමයේ නියෝජිතයින්, ව්‍යාපෘතියට පරිත්‍යාගශීලීන්, මහජනතාව සහ තවත් පිරිසක් සහභාගී වූහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article