ජනවාරි 16 වන දින මන්නාරම අධිකරණය ඉදිරියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ මස 24 වන දින (2025-02-24) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා 10 වනදා නියෝග කළේය.
සැකකරුවන් 7 දෙනාගෙන් 5 දෙනෙකු දැනටමත් හඳුනාගැනීමේ කණ්ඩායමට යොමු කර ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා සඳහා පසුගිය 10 හඳුනාගැනීමේ පෙරෙට්ටු පැවැත්වීමට නියමිතව තිබුණද, අනන්‍යතාවය පෙන්වීමට පෙනී සිටීමට නියමිතව සිටි දෙදෙනා ඊයේ (10) අධිකරණයේ පෙනී සිටියේ නැත.
පරීක්ෂණ පැවැත්වූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 7 දෙනා ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
ඝාතනය සම්බන්ධයෙන් අපරාධ මර්දන අංශය සහ පොලිස් විමර්ශන දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව අධිකරණයට දන්වන ලදී. පසුගිය 16 වන දින මන්නාරම අධිකරණ සංකීර්ණයේ පැවති නඩු විභාගයක් සඳහා පැමිණි පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් කාන්තාවක් ඇතුළු තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීය.
එස්.ආර්.ලැම්බර්ට්