2024.08.03 දින පැවැත්වු නැගෙනහිර පළාත් ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගයට අදාළ ව සම්මුඛ පරික්ෂණ කටයුතු 2025.01.16/17/18 යන දින වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් එහි ප්රායෝගික පරික්ෂණ මණ්ඩල වල සභාපති හා සමාජිකයන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද දින ( 15 ) ත්රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
මේ සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ජේ.එස්.අරුල් රාජ් මහතා ද එක්විය.
මෙහිදි ආණ්ඩුකාරතුමා අදහස් දක්වමින් පවසා සිටියේ කිසිදු පාර්ෂවයකට අසාධාරණයක් නොවන අයුරින් මෙම බදවා ගැනීමේ ක්රියාවලිය සම්පූර්ණ කරන ලෙසටය. ප්රායෝගික පරික්ෂණය සිදු කිරීමේදි පැන නැගිය හැකි ගැටළු සම්බන්ධව දිර්ඝ ව සාකච්ඡා කරන ලදී.