මන්නාරම දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණය හේතුවෙන් 50,000කට අධික පිරිසක් පීඩාවට – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මන්නාරමේ සංචාරයක නිරත විය.
රට තුළ පවතින අසාමාන්‍ය කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු පළාතට ද බලපෑම් එල්ල වී ඇති අතර මන්නාරම දිස්ත්‍රික්කයට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ තත්ත්වය තුළ අද (27) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අනුර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
– මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ.කනකේෂ්වරන් විසින් සංවිධානය කරන ලද හදිසි සාකච්ඡාවක් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
– මන්නාරම දිස්ත්‍රික්කයට අඛණ්ඩව පවතින වර්ෂාවෙන් පවුල් 14,237කට අයත් පුද්ගලයින් 49,560ක් පීඩාවට පත්ව සිටිති.එමෙන්ම දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති සුබසාධන මධ්‍යස්ථාන 25ක පුද්ගලයන් 2100කට පමණ නවාතැන් පහසුකම් ඇත.
අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ අවතැන් වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරුණා.
-මෙහිදී විපතට පත් ජනතාව වෙනුවෙන් ගතයුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීය. එමෙන්ම, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා අවස්ථාවේ සිදු කළ යුතු පූර්ව සූදානම පිළිබඳව ද සොයා බැලීය.
අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් අනුරාධපුරයෙන් සහ මල්වතු ඔයෙන් වැඩි වශයෙන් ජලය පැමිණෙන බැවින් ජනතාවගේ ආරක්ෂාව තර කර ආරක්ෂාකාරී පියවර ගන්නා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුර ජයසේකර මහතා ඉල්ලා සිටියේය.
එමෙන්ම විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා. එබැවින් සියලු දෙපාර්තමේන්තු සහ හමුදාව එක්ව අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුර ජයසේකර මහතා ඉල්ලා සිටියේය.
ඒස්.ආර්.