Friday, October 18, 2024

මන්නාරමේ සමූහ මිනී වලවල් දෙකක පරීක්ෂණ ආරම්භ වෙයි

Must read

යුද්ධය පැවති කාලය තුළ සිදුවූ ඝාතන වලට සම්බන්ධ මන්නාරමේ සමූහ මිනීවලවල් දෙකක් වන තිරුක්දීශ්වරම් මිනිස් සුසාන භූමිය සහ මන්නාරම සතොස මිනිස් සුසාන භූමිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ බව මන්නාරම අධිකරණයේ දී 16 වනදා මෙම  නඩු විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රකාශයට පත්වී ඇත. විපතට පත් පාර්ශවයන් වෙනුවෙන්  නීතිඥ වී.එස්.නිරන්ජන් මහතා පෙනී සිටිනු ලදි.    නඩුව 16 විභාගයට ගත් අවස්ථාවේදී වෛද්‍ය වී.එල්.වෛද්‍ය රෙඩ්නා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සහ  අධිකරණයට පැමිණ සිටියහ.

මේ කාලය තුළ දැනටමත් විශ්ලේෂණය සඳහා මිනිස් අස්ථි කොටස්වලින් වෙන් කර ඇති සාම්පල අධිකරණය භාරයේ පවතින අතර, එය C-14 පරීක්ෂණ සඳහා ෆ්ලොරිඩා වෙත යැවීමට පියවර ගන්නා ලෙස වෛද්‍යවරයා එදින ඉල්ලීමක් කර තිබේ. ඊට අදාළ පියවර ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.

මෙම නඩුව නැවත නොවැම්බර් 21 වනදා කැදවීමට නියමිත අතර  එමෙන්ම C-14 පරීක්ෂණ සඳහා සාම්පල යැවීමට ගතයුතු පියවර පිළිබඳ විස්තර ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article