Thursday, September 19, 2024

නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනෙයි

Must read

 

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 447ක් පමණ (කිලෝ මීටර් 827ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ දී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු(04) කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර ඇති බව, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත  පසුගිය දා (21) වන දින දැනුම් දීමක් සිදු කර ඇත.

පේදුරු තුඩුව ධීවර වරායෙන් 2024 ජුලි මස 07 වන දින ධීවරයින් සිව් දෙනෙකු (04) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ලියාපදිංචි අංක 1DAY-A-0184 KMN දරණ එක්දින ධීවර යාත්‍රාව ආපදාවට පත්වී ඇති බවත්, එම යාත්‍රාව මුදාගැනීම සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහය වන ලෙස, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, Thomas Mery (ලියාපදිංචි අංක TN 02 MM 1976) නමැති ඉන්දීය ධීවර යාත්‍රාව මඟින් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනා (04) නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව එම ධීවරයින් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නෞකාවක් මඟින් චෙන්නායි ධීවර වරාය වෙත රැගෙන එමින් පවතින බව කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත මෙලෙස අගෝස්තු 21 වන දින දැනුම් දී ඇත.

news.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article