Thursday, September 19, 2024

උතුරු පළාතේ සියලු රෝහල් තොරතුරු හා පැමිණිලි සඳහා දැන්වීම් පුවරුවක්

Must read

උතුරු පළාතේ සියලුම රෝහල් සහ රජයේ බෙහෙත් ශාලාවල සේවාවන්ට අදාළ තොරතුරු ප්‍රදර්ශනය කළ යුතු බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත.

රෝගීන්ට ලබා දෙන සේවාවන්, රෝගීන් සහ වෛද්‍යවරුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි, සේවාව ලබා ගැනීමේ ප්‍රමාදයන් හා ඊට අදාළ ගැටළු ඇති වුවහොත් සම්බන්ධ කර ගත යුතු ඉහළ නිලධාරීන්ගේ දුරකථන අංක ප්‍රදර්ශනය කළ යුතු බව ද ගරු ආණ්ඩුකාරතුමිය නියෝග කර ඇත.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ යන අයගේ දුරකථන අංක අනිවාර්යයෙන්ම එහි සඳහන් කර ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දන්වා ඇත. සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක හදිසි ප්‍රතිකාර ඒකකයේ දුරකථන අංකය ද දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කළ යුතු බවට ද ආණ්ඩුකාරතුමිය උපදෙස් දී ඇත.

රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අමතරව රෝගීන්ගේ සේවය තහවුරු කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මීට වඩා කැපවිය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පෙන්වා දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article