Friday, September 20, 2024

කොක්කුතොඩුවායි සමූහ මිනී වලෙන්  මිනිස් ඇටසැකිලි තුනක් සොයාගැනේ

Must read

 


මුලතිව් – කොක්කුතොඩුවායි මිනිස් සුසාන භූමියේ කැණීමේ තුන්වන අදියරේ හත්වැනි දිනය අවසන් වන විට මිනිස් ඇටසැකිලි කුට්ටි තුනක් ගොඩගෙන ඇති බව මුලතිව් දිසා හදිසි මරණ පරීක්ෂක කනකසබාපති වාසුදේව මහතා පවසයි.

මුලතිව් කොක්කුතොඩුවායි මිනිස් වළේ හත්වැනි දින කැණීම් කටයුතු ජූලි 11 වැනි බ්‍රහස්පතින්දා සිදු කෙරිණි.

පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මුලතිව් අධිකරණ විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් මහතා ඉදිරියේ
කණ්ඩායම විසින් මෙහෙයවන ලදී.හත්වැනි දින කැණීම් සිදු වූයේ අධිකරණ වෛද්‍ය පොලිසිය ඇතුළු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙනි.

මේ අතර තෙවැනි දිනටත් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳ කාර්යාලයේ මානව හිමිකම් නිලධාරිනී ලුඩියානා ෂෙල්රින් අඛිලන් මහත්මිය නිරීක්ෂණ කටයුතුවල නිරත වූ අතර අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ද කැණීම් කටයුතු නිරීක්ෂණ කටයුතුවල නිරත විය.

මේ අනුව දැනට සිදුකෙරෙන කැණීම්වලදී හඳුනාගත් මිනිස් අස්ථි කොටස්වලින් මිනිස් අස්ථි කොටස් තුනක් මතුකරගෙන ඇත. මෙහිදී මීට පෙර කොක්කුතොඩුවායි මිනිස් අවශේෂ කැණීම් අදියර දෙකේදී මිනිස් ඇටසැකිලි  40ක් මතුකරගෙන ඇති අතර, කැණීම් කළ මිනිස් ඇටසැකිලි කුට්ටි තුන සමඟ මිනිස් ඇටසැකිලි  43ක් මතුකර තිබීමද විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article