Friday, September 20, 2024

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම් හමුවෙයි! – ලංකාවට එන්නත් ආරාධනා –

Must read

 

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතා අද (2024.07.08) අඟහරුවාදා (08.07.2024) ක්වාලාලම්පූර්හිදී මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම් හමුවී සාකච්ඡා කළේය.

මැලේසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩටුක් සේරි සරවනන් මුරුගන් මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා පසුගිය 16 වනදා  මැලේසියාවට ගියේය.

අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් මහතා හමුවී මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා ගැඹුරු සාකච්ඡාවක් පැවැත්වීය.

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ගොඩනගා ගැනීමට ඇති සාධනීය කරුණු පිළිබඳව ද ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.

ඊට අමතරව ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අග්‍රාමාත්‍ය ඊබ්‍රහිම් මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනාවක් කළ අතර ශ්‍රී ලංකාවේ වෙසෙන වසර 200 ක වතු ප්‍රජාවගේ සමරු මුද්දරයක් ද මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.

මේ අතර, ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා මැලේසියානු මුදල් අමාත්‍ය අමීර් හම්සා සහ අග්‍රාමාත්‍ය දෙපාර්තමේන්තුවේ (ඉස්ලාම් ආගමික කටයුතු) අමාත්‍ය නයිම් ද හමුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article