Wednesday, October 16, 2024

වන්නි මාධ්‍යවේදියාගේ ඡායාරූප ජගත් සංවිධානයේ පිළිගැනීමට 

Must read

 

සංවිධානය ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ විශේෂ වාර්තාවක් සඳහා වන්නියේ ප්‍රමුඛ පෙළේ දෙමළ මාධ්‍යවේදියෙකු විසින් ගන්නා ලද ඡායාරූප යොදාගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් මැයි 21 දින ප්‍රකාශයට පත් කරන ලද “බලහත්කාර අතුරුදහන්වීම්වල උරුමය ශ්‍රී ලංකාව හොල්මන් කරයි” යන මාතෘකාවෙන් යුත් ලිපියක ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් විසින් ගන්නා ලද ඡායාරූප භාවිතා කර ඇත.

යුද්ධයේදී බලහත්කාරයෙන් අතුරුදන් වූ දස දහස් ගණනක ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි විමසමින් දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ අරගල කරන උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මව්වරුන්ගේ අත්දැකීම් කේන්ද්‍ර කර ගනිමින් මෙම ලිපිය පළ කර ඇත.

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් දේශීය වගවීමක් නොමැතිකම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ වාර්තාවක් සමඟින් පළ වේ.

“සමහරවිට මම මගේ පුතාව නැවත දැකීමට හෝ අඩුම තරමින් ඔහුව තැන්පත් කර ඇත්තේ කොහේදැයි සොයා බලනු ඇත.” 2009 වසරේ සිට බලහත්කාරයෙන් අතුරුදන් කර ඇති තම පුතා සොයා ගැනීම සඳහා අසීමිත අරගලයක යෙදී සිටින 72 හැවිරිදි මවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළ කරන ලද ලිපියක බලාපොරොත්තුව පළ කර තිබේ.

සරණාගත කඳවුරුවලට, ගම්වල සමූහ මිනීවලවල්වලට ගොස්, දින 2,650ක සාමකාමී උද්ඝෝෂණවලදී අතුරුදහන් වූවන්ගේ අනෙකුත් මව්වරුන් සහ භාර්යාවන් සමඟ එක් වූ ඇය බලධාරීන්ගෙන් අසයි: අපේ දරුවන් කොහෙද? කෝ අපේ මහත්තයෝ?

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය වසර 15 කට පෙර අවසන් වුවද, බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් තම ආදරණීයයන් වෙනුවෙන් සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් අඛණ්ඩව සටන් කරති. දශක එකහමාරක් ගතවී ඇතත් තම සමීපතමයන්ගේ ඉරණම හෝ කොහිදැයි ඔවුන්ට කිසිදු තොරතුරක් ලැබී නැත.

“බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ උරුමය ශ්‍රී ලංකාව හොල්මන් කරයි” යන මැයෙන් මෙම ලිපියට යොදාගෙන ඇති ඡායාරූප දෙකෙහි හිමිකරු වන කනපතිපිල්ලේ කුමානන්, පොදුවේ යුද්ධයෙන් විපතට පත් වූවන් පිළිබඳව වන්නියේ වසර ගණනාවක් වාර්තා කරයි.

මාධ්‍ය තුළින් ආරක්ෂක අංශවලින් එල්ල වූ තර්ජනවලට අමතරව වසර තුනකට පෙර ව්‍යාජ දැව ජාවාරමක් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම නිසා ඔහුගේ වෘත්තීය මිතුරා වන ෂන්මුගම් තවසීලන් සමඟ එක්ව ඔහුට දරුණු ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවිය.

වන්නි ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් සිදුවී ඇති අතර තවමත් ඒවාට නීතියෙන් සාධාරණයක් ඉටුවි නොමැති.

2020 වර්ෂයෙදි කනපතිපිල්ලේ කුමනන් සහ ෂන්මුගම් තවසිලන් යන මාධ්‍යෙව්දීන් දෙදෙනො  දැව ඡාවාරමක් සම්බන්ධයෙන් වාර්තා කිීමට ගිය අවස්ථාවේදී ජාවාරම්කරුවන් අතින් පහර කෑමට ලක්විය.

වාර්තාකිරීමක් අතර තුර දැව ජවාරම්කරුවන් අතින් කුමනන් පහරකෑමට ලක්වූ අවස්ථාව.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article