Saturday, September 21, 2024

.’තිලීපන්’ පිළිරුවට මන්නාරම් ජනතාවගේ උපහාරය

Must read

 

1987 වර්ෂයේ දී දෙමළ ජනතාවගේ ප්‍රජාතන්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් සාමකාමී උපවාසයක නිරත වී අවසානයේ ජීවිතය පූජාකළ   තීලීපන් නොහොත් රාසයියා පාර්තීපන් ගේ දිවිපිදීමේ  36 වැනි සංවත්සරය නිමිත්තෙන් ඔහුට අගරුබුහුමන් දැක්වීමට උතුරු නැගෙනහිර ව්‍යාපත්වූ සමරු වැඩසටනක් පසුගිය 15 වනදා ආරම්භ කරන ලදී. ඔහුට උපහාර පිණිස ඔහුගේ රැව රැගත් වාහනයක් පෙරහැරෙන් ප්‍රධාන නගර හරහා ගමන් ගන්නා අතර ඊයේ  21 වනදා සවස තිලීපන් සමරු රථය  සවස මන්නාරම නගරයට ළඟා විය. තිලීපන් සිය සාමකාමී උපවාසය යාපනයේ නල්ලූර් කෝවිල අසල ආරම්භ කළේ සැප්තැම්බර් 15 වනදා වන අතර සැප්තැම්බ් 26 වනදා ඔහු මියගියේය.

එහිදී  මහජනතාව  ඉටිපන්දමක් දල්වා තබා තිලීපන්ගේ පිලිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

 

එස්.ආඒ.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article