Sunday, September 22, 2024

ද්වේෂපාලන කුණාටු නිමයි..අන්තිමට සභා තොමෝ සතුටින් විසිර ගියහ.

Must read

1edaeec620404fffdbcf18a2c7b06a0b_Lපළාත්පාලන මැතිවරණයෙන් පසුව මහා දේශපාලන කුණා‍ටු හැමනෙන්නට පටන් ගෙන තිබුණද අවාසානයේ අධෝ වාතයක් තරමකවත් ප්‍රතිපලයක් ඇති වී නැත .ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රශ්නය විසඳන්නට කමි‍ටුවක් පත්කර තිබේ.

කිලී මහරාජා තමන්ගේ රූපවාහිනී ගුවන් කාලයේ මිලියන ගානක ආදායම් අහිමි කරගෙන දිවා රෑ ඒ ගෝලබාල සක්කිලියන් ටික සමඟ කළ මෙහෙයුමද පුස්සක් කිරීමට අගමැතිවරයා සමත්ව ඇති බව මේ කමි‍ටු සූත්තරෙන් පැහැදිලිය.

ජනාධිපතිවරයා බිත්තිය හේත්තු කරගැනිමට එජාපය සමත්ව තිබේ. ඔහුගේ අසරණ ඉල්ලීම් වලට අගමැතිවරයා කන් දී තිබේ. දෙපැත්තම බේරාගෙන විසඳුමක් ඉදිරිපත් කරන්නට යැයි ජනාධිපතිවරයාගේ අවසන් ඉල්ලිම වී තිබේ. මේ ගැන සකයක් නැත.

හැට දෙලක්ෂයක ජනවරමකින් බලයට පත් වූ ජනාධිපතිවරයෙක් අවසානයේ කූජිත වී යෑම වසා ගැනීමට නිර්මාණය කළ මේ දේශපාලන අර්බුදය ද අවසානයේදි ජනාධිපතිවරයාගේ රෙද්ද ගැලවීමෙන් අහවර විය.

 http://www.lankadaily.com
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article