වවුනියාව, නෙඩුන්කේනි, වෙඩුක්කුනාරි කන්දේ නව ශිව පිළිමයක් තැන්පත් කිරීම හා ශිව කෝවිලේ ගැටළු සම්බන්ධයෙන් නිරීක්ෂණයට නීතිඥ කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්ව තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් හා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් එම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි අතර අධිකරණ නියෝග මත වෙඩුක්කුනාරි කන්දේ නව ශිව පිළිමයක් හා තවත් පිළිම කිහිපයක් තැන්පත් කිරීම පසුගිය 28 වනදා සිදු විය
වෙඩුක්කුනාරි කන්දේ මීට පෙර ස්ථාපිත කොට තිබු ශිව පිළිමය හා අනෙකුත් පිළිම කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් පසුගිය සමයේ ගලවා ඉවත් කර තිබු.
අනතුරුව ප්‍රදේශවාසීන් හා කෝවිල් පාලක සභාව නව පිළිමයක් ස්ථාපිත කිරීමට ගිය අවස්ථාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන අදාළ ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් බැවින් නව ඉදිකිරීම් සදහා අවසර ලබා දි තිබුනේ නැත
ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළ අතර, එහිදී අධිකරණය නියෝග කළේ පැරණි පිළිමය පැවති ස්ථානයේ නව පිළිමයක් තැන්පත් කිරීමට අවසරය ලබාදෙන ලෙසයි.
එම නඩු විභාගයේදී කෝවිල් පාලක සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් ඒ. සුමන්තිරන් ඇතුළු වවුනියාව අධිකරණයේ නීතිඥවරුන් රැසක් පෙනී සිට ඇත