මුලතිව් දිස්ත්රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මානාවලන්පට්ටමුරුප්පු කෝනකුලම් ප්රදේශයේදී අලියෙකු ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියදී සොයා ගන්නා ලදී.
එම ඇතා පසුගිය සති කිහිපයේ සිට එම ප්රදේශයේ සැරිසරන බවත්, අලියාගේ පාදයේ තුවාල සලකුණු ඇති බවත්, එම අලියා ප්රදේශයේ වැව් දිය ප්රදේශයේ වැතිර සිටින බවත්, මහජනතාව ප්රකාශ කළහ. ඔඩ්ඩුසාඩාන් වනජීවී දෙපාර්තමේන්තුවට කිහිප වතාවක්ම ඔවුන් පැමිණ නැති අතර වනජීවී දෙපාර්තමේන්තුව අලියා ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇත.
දියේ වැටී සිටින අලියා මුදවා ගැනීමට හමුදාව ජලය බැසීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා.
ෂන්මුගම් තවසීලන්