පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ විරෝධතාවයෙන් පසුව රෝහල්ගතව ප්රතිකාර ලබන අතරතුර මිය ගිය නිමල් අමරසිරි මහතාට අවසන් ගෞරව දැක්විමට ජාතික ජනබලවේගයේ නායකයෝ අද එහි ගොස් ගොස් තිබුණි
ඔහු වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කර තිබෙන අතර මිය ගිය අය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා නීතිමය ක්රියාමාර්ග පිළිබඳව තම නීතිඥ කණ්ඩායම සමග සාකච්ඡා කරමින් සිටින බව ඔහු වැඩි දුරටත් ප්රකාශ කර ඇත
පසුගිය ඉරිදා කොළඹ පැවති විරෝධතාවයේ දී කඳුළු ගෑස් ප්රහාරයකට ලක්වීමෙන් අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වුණා.
ජාතික ජනබලවේගයේ විරෝධතාවට එක්ව සිටිය දී මියගිය නිවිතිගල ප්රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ නිවිතිගල – නොරාගල්ල සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව ඇත.