Friday, September 20, 2024

මුහුද මැදදී පහරකෑමට ලක්වූ ඉන්දියන් ධීවරයින් රෝහල්ගතවෙයි

Must read

ඉන්දියානු  ධීවර පිරිසක් මුහුද මැදදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පහරකැමකට ලක්ව ඇති බව වාර්තා වේ.  මෙම  පහරදීම හේතුවෙන්  බරපතල තුවාල ලැබූ ධීවරයින් පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා  රජයේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බවද වාර්තා වේ.

 බාලමුරුගන්, අරුන් කුමාර්, මාධවන්, කාර්ති, මුරුගන් සහ බෝට්ටුවේ හිමිකරු පසුගිය 21 වැනිදා රාත්‍රියේ මයිලඩුතුරෙයි දිස්ත්‍රික්කයේ තරංගම්බඩි ප්‍රදේශයේ වෙල්මුරුගන්ට අයත් පයිපර් බෝට්ටුවේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ.
 ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  ධීවර කටයුතුවල නිරතව සිටි  ධීවරයින්ගේ දැල් උදුරා ගෙන යකඩ බටයකින් ඔවුන්ට අමානුෂික ලෙස පහර දී ඇත.  23 වනදා  යළි ගොඩබිමට පැමිණි ධීවරයින් තරංගම්බඩි රජයේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී ප්‍රථමාධාර ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පොරායාරු රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවගොස් තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බෝට්ටුවේ එන්ජිම උදුරා ගෙන අමානුෂික ලෙස පහර දුන් බවටද විපතට පත් ධීවරයින් චෝදනා කර තිබේ.මේ සම්බන්ධයෙන් ධීවරයින් ධීවර දෙපාර්තමේන්තුවට සහ වෙරළාරක්ෂක කණ්ඩායම් පොලිසියට පැමිණිලි කර ඇත.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article