Friday, September 20, 2024

කැනඩාවේ සම්බාදක වලට ශ්‍රී ලංකා රජයේ විරෝධය

Must read

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වන මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයටඑරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගෙන ඇති තීරණයට සිය විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ඒ අනුව නිල වශයෙන් විරෝධය පළකිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (11) කැනඩා මහ කොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවනු ලැබීය.

එලෙස සම්බාදක පැනවීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු එම සිව්දෙනාට කැනඩාව තුළ සංක්‍රමණික හෝ සරණාගත රැකවරණ හිමි නොවන බවත්, එමෙන්ම ඔවුන්ට කැනඩාව සමග හෝ එහි පුරවැසියන් සමග කිසිදු ගනුදෙනුවක නිරතවීමට නොහැකි බවත්, කැනඩා රජය ඊයේ නිවේදනය කරල ලදී.

එමෙන්ම ඔවඅන් සිව්දෙනා සතු යම් දේපලක් කැනඩාවේ වේනම් ඒවාද තහනම් කරන බවද කැනඩා රජය අවධාරණය කර ඇත.

කැනේඩියානු රජය විසින් මෙම පිරිසට සම්බාදක පනවන ලද්දේ 1983 සිට 2009 දක්වා පැවති මෙරට සිවිල් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකළ බවට චෝදනා කරමින්ය.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article