Thursday, September 19, 2024

අතුරුදන්වීම් ,දේශපාලන සිරකරුවන් හා ඉඩම් නිදහස් කිරිම ගැන ආණ්ඩුව තාමත් නිහඩයි !

Must read

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය දැනටමත් පවසා තිබේ.

එම සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය.

“රජය සමග කරපු සාකච්ඡාවේ දී දැනටමත් අපේ ජනතාවට තියෙන ප්‍රශ්න කිහිපය ගැන සාකච්ඡා කළා. එකක් තමා අතුරුදන් වෙච්ච අය ගැන, අනිත් එක දේශපාලන සිරකරුවන් සම්බන්ධව හා ඉඩම් නිදහස් කරන ක්‍රියාව සම්බන්ධයෙන්. මේ තුන ගැන වෙන වෙන ක්‍රියාපටිපාටි කතා කළා. නමුත් ගිය දවසේ තිබුණු තත්ත්වය තමා අද දවසෙත් තියෙන්නේ. ඒකෙ ප්‍රගතිය නෑ. ඒ වගේම දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බලය බෙදීම ඉටුකරන්න අපි මතක් කරා මේවා කරන්න පුළුවන් කියලා. අපි දැනුම් දුන්නා. ඒවා ගැනත් හරි පිළිතුරක් තාම දීලා නෑ. ඒ නිසා සතියක් තුළ මේක ගැන අපිට දැනුම්දෙන බවත් කියා සිටියා. සතියක් ඇතුළත දැනුම් දුන්නොත් අපි නැවත රැස්වෙන බව අපි තීරණය කරලා තියෙන්නේ. කලින් අපි තීරණය කළා දවස් 4කට හම්බවෙන්න. මේ තත්ත්වය නිසා අපි හෙට අනිද්දා හම්බෙන්නේ නෑ.”

මේ අතර  ශ්‍රි ලංකා බ්‍රිෆ් වෙබ් අඩවිය කියා සිටින්නේ ..

පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 75 වැනි නිදහස් දිනයට පෙර ඔවුන්ගේ පවතින ගැටලු විසඳන බවට ප්රතිඥා දීමෙන්. පසුව, දෙමළ ජාතික ප්රශ්නය විසඳීමට වික්රමසිංහගේ කැමැත්තක් පෙන්නුම් කර ඇති බව පවසමින් ටීඑන්ඒ ද 2023 සඳහා රජයේ අයවැයට සහාය දුන් බවය

දැන් දෙමළ සන්ධානය ද රනිල් රාජපක්ෂද පත්ව ඇත්තේ ගලේ පැහැරූ බළලාගේ තත්වයකට පත්ව ඇතැයි කියාද එහි සදහන්ය
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article