Monday, November 25, 2024

”ස්ථීර දේශපාලන විසඳුමක් සඳහා උතුරු නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ එකතු විය යුතුයි ”

Must read

උතුරු නැඟෙනහිර සම්බන්ධීකරණ කමිටුවේ වැඩපිළිවෙළ යටතේ උතුරු නැඟෙනහිර ජනතාවට ස්ථීර දේශපාලන විසඳුමක් සඳහා උතුරු නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ එකතු විය යුතු බවට බලකරමින් අවධානය යොමු කිරීමේ විරෝධතාවක් මඩකලපුවේදී පැවැත්විණි.

සිය ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම විරෝධතාවය මඩකලපුව ගාන්ධි උද්‍යානයේ දී   පැවැත්විණි.
අද ආරම්භ කර ඇති මෙම විරෝධතාව ලබන 10 වනදා දක්වා අඛණ්ඩ විරෝධතාවක් ලෙස පැවැත්වෙනවා.

උතුරු නැඟෙනහිර සම්බන්ධීකරණ කමිටුවේ වැඩපිළිවෙළ යටතේ උතුරු නැඟෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අටේම මෙවැනි විරෝධතා පවත්වා තිබීම විශේෂත්වයකි.

සියලුම දෙමළ දේශපාලන පක්ෂ දැනුවත් කිරීම සඳහා ඉල්ලීම් ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ද විරෝධතාවයේදී කියවන ලදී. එම වාර්තාවේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ වෙත කර ඇති ඉල්ලීම.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාතක් සඳහා ආපසු හැරවිය නොහැකි සාමූහික බලය බෙදීමක් අවධාරනය කිරීමට සියලුම දේශපාලන පක්ෂ එක්විය යුතුය.

උතුරු නැඟෙනහිර සුළුතර ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් සුළු ජාතික දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වෙන බව අපට වැටහෙනවා. – අපි එය ඉතා සාදරයෙන් පිළිගනිමු.
කෙසේ වෙතත්, දෙමළ ජනතාවගේ දිගුකාලීන දේශපාලන ඉල්ලීම් සහ දේශපාලන අවශ්‍යතා මෙම සාකච්ඡාවලට ඇතුළත් කිරීමට නම් මෙම සාකච්ඡා විනිවිදභාවයකින් පැවැත්විය යුතු බව අපි අවධාරණය කරමු.
නමුත් පවතින තත්ත්වය තුළ දෙමළ දේශපාලන පක්ෂ අතර දේශපාලන විසඳුමක් සඳහා වූ පියවර ඒකමතිකව සිදු වී නොමැති බව කණගාටුවෙන් දන්වා සිටිමු.
එමෙන්ම පැවැත්වීමට නියමිත දේශපාලන සමථයකට අදාළ මෙම සාකච්ඡා සඳහා එක් පක්ෂයකට අයත් නියෝජිතයන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වන බවට තොරතුරු මාධ්‍ය හරහා එළියට එනවා අපි දකිනවා.
ඒ වගේම අපි මෙහිදී පෙන්වා දෙන්නේ පක්‍ෂයේ නායකත්වය සමග අන්‍යෝන්‍ය විනිවිද භාවයෙන් යුත් සාකච්ඡා හෝ එකඟතා මුලපිරීමක් ඉහත කී රජය තුළ නොමැති බවයි. – මෙය මැතිවරණ මගින් මෙම පක්ෂ තෝරා පත් කර ගත් ජනතාව අතර දක්නට ලැබෙන විවේචනයකි.
එවැනි ක්‍රියා දෙමළ ජනතාවට ස්ථාවර දේශපාලන විසඳුමක් සඳහා දායක වන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවණතාවක් ලෙස සැලකීම ගැන අපි කනගාටු වෙමු.

එබැවින්, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාතක් සඳහා ආපසු හැරවිය නොහැකි බලය බෙදීම සඳහා සියලු දෙමළ දේශපාලන පක්ෂ එකමුතු වී එක හඬින් අවධාරණය කළ යුතුය.
දෙමළ ජනතාව විසින් තම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තේරී පත් වූ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ යුතුකම එයයි.
ඒ ආකාරයට පහත සඳහන් ප්‍රධාන කරුණු සහ අනෙකුත් කරුණු කෙරෙහි අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.
01. උතුරු නැඟෙනහිර පළාත් නැවත ඒකාබද්ධ කර උතුරු නැගෙනහිර වෙනම පළාත් ඒකකයක් ලෙස පිහිටුවිය යුතුය.

02. ආපසු හැරවිය නොහැකි සාමූහික බලය බෙදීමක් මධ්‍යම රජය විසින් ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාතට ලබා දිය යුතුය.

03. ඒකාබද්ධ නැගෙනහිර පළාත් ඒකකයේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මගින් ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ යුතුය. සියයට 50ක් කාන්තාවන් සිටින බව තහවුරු කළ යුතුයි.

04. උතුරු නැඟෙනහිර පළාත යටතේ ඇති සියලුම ඉඩම් පළාත් රජය යටතට පත් විය යුතුය.

05. උතුරු නැඟෙනහිර වත්මන් හමුදාකරණය සම්පූර්ණයෙන්ම අහෝසි කර ජාතික ආරක්‍ෂක හමුදාව යෙදවිය යුත්තේ 1983ට පෙර තිබූ ස්ථානවලට පමණි.

06. උතුරු නැඟෙනහිර පළාත්වල දෙමළ ජනතාවගේ ආගමික හා සංස්කෘතික ස්ථාන පුරාවිද්‍යා ස්ථාන ලෙස සලකුණු කර ආක්‍රමණය සහ විනාශය නැවැත්විය යුතුය.

07. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි

 

එල්.දේවාදිරන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article