Wednesday, November 6, 2024

රජයේ දේපළ වලට අලාභ හානි සිදු කිරීමේ චෝදනාව යටතේ අරගලකරුවෙක් ගුවන් තොටුපලේදි අත්අඩංගුවට !

Must read

අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) අත් අඩංගුවට ගෙන තිබේ.

32 හැවිරිදි රන්දිමාල් ගමගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකු වන අතර ඔහු ගාල්ල , කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ පෙන්නුම් කර තිබේ. එහෙත් ඔහුට රටට ඇතුළු වීමට තහනමක් නොමැති නිසා ඔහු එතැනින් නිදහස් කිරීම සිදුවනවාත් සමගම කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එතැනට පැමිණ මොහු අත් අඩංගුවට ගැනීම සදහා ලිඛිත ඉල්ලීමක් ඉදිරි පත් කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

අරගල සමයේ ජනාධිපති කාර්යාලයට, අගමැති කාර්යාලයට හා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළ වලට අලාභ හානි සිදු කිරීමේ චෝදනාව යටතේ කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම මත මෙසේ මොහු අත් අඩංගුවට ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article