Tuesday, December 3, 2024

‘කලිකාලන්’  දමිළ වානිජ චිත්‍රපට මොඩලයක් නිර්මාණය කිරිමට දරපු උත්සාහයක්. 

Must read

මඩකලපුව කේන්ද්‍ර කරගනිමින්   සිනමා නිර්මාණයේ  යෙදෙන   CIPS   සිනමාස් කණ්ඩායම මේ වන විට  චිත්‍රපට කිහිපයක්  නිර්මාණය කර ජනගතකර තිබෙනවා.  මෙම වසරේ මුල භාගයේදී තිරගත කෙරුණ ‘කලිකාලන්’ චිත්‍රපටය නැගෙනහිර සිනමා ශාලාවල තිරගත කළ ඔවුන්ගේ පළමු සිනමා නිර්මාණයි.  කලිකාලන් චිත්‍රපටය තිරගතකිරීම පසුබිම් කරගනිමින් එහි අධ්‍යක්ෂක කෝඩීෂ්වරන් , නිශ්පාදක මුරලිදරන් හා සම නිශ්පාදක වෛද්‍ය සුගුණන්  සමගින් සිටිසන් පෝස්ට් වෙබ් අඩවිය විසින් සිදුකරන ලද සාකච්ඡාවක් පහත පළවේ.

 

කලිකාලන් චිත්‍රපටයේ විශේෂත්වය කුමක්ද ?

මුරලි –   අපේ අභියෝගය ශ්‍රී ලාංකික දමිළ සිනමාවක්.  ඉන්දියානු සිනමාව මෙහිදී අපට විශාල අභියෝගයක්. එහි සින්දු වේවා ,නර්තන වේවා සියල්ල ආධිපත්‍යධාරී තැනකයි තිබෙන්නේ.  මම කියන්නේ නැ ඒක වැරදියි කියලා නමුත්  ඒ සියල්ල නිසා අපේ සංවර්ධනය අඩාල වෙනවා. ඒක තමයි යථාර්තය. කෝඩීස්වරන් මේ වෙද්දි චිත්‍රපට 10ක් පමණ අධ්‍යක්ෂනය කරලා තිබෙනවා.  ඒවා අන්තර්ගතයෙන්  විවිධ තේමාවන් සහිත  ඒවා.එම චිත්‍රපට යූ ටියුබ් එකට උඩුගත කරල තිබෙනවා.  මිනිසුන් ඒවා නරඹනවා. නමුත් එයින් නැවත යමක් ලැබෙන්නෑ.  මෙම චිත්‍රපටයේදී අපි තීරණය කළා ,මේක සිනමාහල් වල තිරගත කළ යුතුයි කියලා. එකේ මම නිෂ්පාදක ලෙස කටයුතු කළා. අපි හිතුවා අපි මේ චිත්‍රපටය කරලා  සිනමා හල් වල පෙන්නලා බලමු ,ජනතාව කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඒ වගේම අපට කොපමණ මුදලක් උපයන්න පුලුවන්ද කියලා අපි කල්පනා කළා. අපි ඒක උපායක් ලෙස නිර්මාණාත්මකව කළා. අපිට තිබුණ ඊළග අභියෝගය තමා අපිට ඒ සදහා ලොකු වියදමක් දැරීමට නොහැකි විම. මොකද අපට නිශ්චිතවම කියන්න බැහැ ජනතාව මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. අපට ඒක බෙහොම පැහැදිලිව නීති රාමුවක් තුළ නිර්මාණය කිරීමට සිදුවෙනවා. ඒ වගේම අවම මූල්‍ය වියදමක් තුළ සිදුකිරීමටත් සිදුවෙනවා. පසුව අපි තිරණය කළා මේ චිත්‍රපටය  මිනිත්තු 30 – 40 ක් ඇතුළත නිර්මාණය කිරීමට. එයට ප්‍රධාන හේතු අතර එකක් තමයි ආර්ථිකමය කාරණා. අනෙක් දෙය තමා  අපි මෙම චිත්‍රපටය ඉතා කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීම. තෙවන කාරණය තමා ලංකාවේ සිනමා හෝල් වල චිතපටය තිරගත වන ප්‍රධාන කාලය අතරතුර  වේලාවක්  අපගේ චිත්‍රපටය තිරගත කිරීමට යොදාගැනීම.  අපට එය ප්‍රදර්ශනය කරන්න පුලුවන් උදේ 9.30 – 10.00ත් අතර  සහ 5 – 6.30 ත් අතර. ප්‍රධාන චිත්‍රපටයට බාධාවක් නොවන ලෙස අපට එය පෙන්වන්න පුලුවන්.  අපේ දෙවන උපාය වුණේ ජනප්‍රිය දමිළ සිනමා පටයක් තිරගත වෙනකොට අපේ චිත්‍රපටයත් තිරගත කිරීම. ජනතාවට හිතෙන්න පුලුවන් අපි කොහොමත් අර චිත්‍රපටයනරඹන්න යනවානේ ඒ ගමන්ම අපි අනිත් චිත්‍රපටයත් බලලා එමු කියලා. ලොකු කාලයක් ඔවුන්ට ඒ වෙනුවෙන් යොදවන්න ඕනා නෑ.
අඩු බජෙක්ට් එකක් , ඒ අර්ථයෙන් විශාල ලොකේෂන් නැති වූනත් අපට එය මකලපුව දිස්ත්‍රික්කය තුළින්ම සපයා ගැනීමට හැකිවුණා. ඒ වගේම සිනමාව සතු එයට ආනිවේක සංස්කෘතියක් තිබෙනවා. එහි ශීර්ෂය , මාධ්‍ය ආවරණය ,  ඒ සෑම දෙයක්ම අපි ඇතුළත් කළා. එකම දවසේ සිනමාහල් හතරක දර්ශන 12ක් අම්පාරේ සහ මඩකලපුවේ අපි ප්‍රදර්ශනය කළා.

මුරලිදරන්  – ඇත්තෙන්ම අපි මේක කළේ අපේ පුද්ගලිකත්වය වෙනුවෙන් නෙමෙයි. අපි හැමෝටම විවිධ  වෘත්තීන් තිබෙනවා.අපිට අපේ සිනමා කර්මාන්තයක් වෙනුවෙන් යමක් කිරීමට සිදුවෙනවා. මාර්ග දෙකක් තුළ. එකක් බොහෝ තරුණ පරපුර මේ ක්ෂේත්‍රයට ආවත් ඔවුන් දන්නේ නෑ යා යත්තේ කොතනටද කියලා. ඔවුන් කුමක් හෝ චිත්‍රපටයක් කරලා එය අන්තර්ජාලයට එකතු කරනවා. අන්තර්ජාලයට අපට ඕනෑම දෙයක් බෙදාහරින්න පුලුවන්. නමුත් එහිදී බෙහෝ දෙනෙක් තමන්ගේ නිර්මාණයෙහි අන්තර්ගතය මෙන්ම එයින් පොදු ජනසමාජයට ලැබෙන ප්‍රතිලාභය ගැන  එතරම් අවධානය යොමුකරන්නේ නෑ. නමුත් ඔබ කිසියම් නිර්මානයක් සිනමාහලකට බෙදාහරිනවා ඔබට ඒ මුදල නැවත ලබාගැනිමට සිදුවෙනවා. ඒ වගේම ඔබට එහි අන්තර්ගතය ගැන හිතන්න වෙනවා. ඔබට අවශ්‍ය දේ පමණක් එහි ඇතුළත් කිරීමට බැහැ.නමුත් යූ ටියුබ් සදහා ඔබට ඕනෑම දෙක් නිර්මාණය කළ හැකියි. මේ ආකාරයට කිරීම මගින් අපට එම නිර්මාණයේ ගුණාත්මකබව පාලනය කළ හැකියි. ඒ වගේම අපට වියදම් වූ මුදල නැවත ලබාගැනීමට හැකිවුවහොත් අපිට නැවත තව නිර්මාණය කළ හැකියි.
මෙම චිත්‍රපටයට සම්බන්ධවූ  රංගල ශීල්පීන්ට හා කලාකරුවන් සියලු දෙනාම ආධුනික අය. නමුත් අපි හැමෝටම  යම් ගෙවීමක් කළා. අපි ඒ චිත්‍රපටය තුළ යම් ආකෘතියක් හැදුවා.

මුරලිදරන් –  අපේ මට්ටමෙන් චිත්‍රපටය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ගොඩනගන්න බැරි ඇයි කියලා අපි කල්පනා කළා.  ඒක කුඩා සිනමාවක් වුවත්,  මම මගේ නුවරඑලියේ ඉන්න මිත්‍රෙයක්ගෙන් ඇහැව්වා  ඒ වගේම එයා ටිකක් කැමති වුණා.  ඔහුට අපි චිත්‍රපටය යම් මුදලකට දුන්නොත් ඔහුට පුලුවන් සිනමා ශාලා සංවිධානය කරලා  පෙන්වන්න. අපට ඒ සදහා රැ 30 000 – 40 000 කමුදලක් ලැබුණොත් ප්‍රමාණවත්.  ඒ වගේම පුංචි සිනමාවක් වෙනුවෙන් රට තුළ බෙදාහැරීමේ ජාලයක්  හැදෙනවා.

යුද්ධය අවසන් වීමෙන් පසුවත් ලංකාව තුළ සංහිදියාව සම්බනධයෙන් සුබදායි පරිසරයක් නිර්මාණවී නොමැති පරිසරයකදී ඔබලා ශ්‍රී ලාංකි්‍ය දමිළ වානිජ සිනමාවක් ගැන සිහින දකිනවා. ඒක අභියෝගයක් නේද ?

වෛද්‍ය සුගුණන්  – කලිකාල් චිත්‍රපටය,  දමිළ වානිජ චිත්‍රපට මොඩලයක් නිර්මාණය කිරිමට දරපු උත්සාහයක්.  මෙය කලාත්මක සිනමා මොඩලයක් නෙමෙයි. අපිට ඒ වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීමට සිදුවුණා.  මෙය වානිජ බලොපොරාත්තු තැබූ සිනමානිර්මාණයක් වගේම  ඒ හරහා අපගේ ජනයාගේ සංහිදියාව ,සම්බන්ධතා, ආදී සියල්ල  කතා කළ හැකි නිර්මාණයක්.  කලිකාලන් නිර්මාණය කිරීමේදී අපට ප්‍රධාන වශයෙන්ම උවමනා වුණේ  දෙමළ වානිජ සිනමාවක් සදහා අඩිතාලම දැමීමයි. එහිදී අපි අවධානය දුන් තවත් කරුණක් තමයි ලංකාවෙන් පිටතත් අපිට ප්‍රේක්ෂකයින් පිරිසක් සිටින බව.

අපි දිනපතාම දකිනවා  සමාජ මාධ්‍ය ඔස්සේ ( ටික්ටොක් වගේ ) අපේ තරුණ තරුණියන්ගේ  නිර්මාණ, ඔවුන්ට  දක්ෂතා තිබෙනවා. ඒවා ඒ අය පෙන්නලා තිබෙනවා. නමුත් දවස අවසානයේ  එයාලට ලැබෙන ප්‍රතිපළය , මොකක්ද ? ඒ වගේම ඒ දක්ෂතාව ආර්ථික වශයෙනුත් යොදවන්න මාර්ගයක්  තිබෙනවද ? අපි අපේ රෑපවාහිනිය , රේඩියෝ  දිහා බැලුවොත් ඒවායේ වැඩිපුර විකාශය වන්නේ ඉන්දියානු නිෂ්පාදන. ඇත්තටම ඔවුන් විශාල අවකාශයක් ග්‍රහනය කරගෙන ඉන්නේ. අපිට අපේ තරුණයන්ගේ නිර්මාණ හැකියාව  ප්‍රදර්ශනය කිරීමට හොද වේදිකාවක් හදන්න වෙනවා.
සිනමාව සම්බන්ධයෙන් හැකියාවක්, දක්ෂතා තිබෙන නවකයින්  සම්බන්ධයෙන් අපට සෘජු දැක්මක්  ,වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මම මේ චිත්‍රපටයට  නිෂ්පාදනයෙන්  දායකවීමට ප්‍රධාන හේතුව වුණේ ඒකයි. අපට අවශ්‍යයි වාණිජ  සිනමාවක් වෙනුවෙන් වේදිකාවක් තැනීමට. මම මේ නිර්මාණයට දායක වීමට කලින් , කෝඩීෂ්වරන්  සහ මුරලි එක්ව කළ නිශ්පාදන සහ අත්දැකීම් ගැනත් අධ්‍යනයක් කළා.  ඒ හැම චිත්‍රපටයකම පණිවිඩයක් තිබෙනවා. ඒ වගේම ඒ හැම පනිවිඩයක්ම ධනාත්මක මෙන්ම සෞඛ්‍යසම්පන්නයි, ශක්තිමත්. අපේ මිනිස්සු ඉන්දියන් සිනමා කර්මාන්තයට  ඇබ්බැහිවිමක් තිබෙනවා. අපිට සිදුවෙලා තිබෙනවා අලුත් මාර්ගයක් නිර්මාණය කරලා  ඒ මිනිසුන්ව ඒ තත්ත්වයෙන් මුදවා ගැනීමට.  ඒකයි අපි කිව්වේ අපිට  කුඩා සිනමාවක් අවශ්‍යයයි ඒ වගේම ඒ ජනප්‍රිය සිනමාව තුළ වුවත් ඇති අංග ලක්ෂණ සහිතව.  මේ සියල්ල කණ්ඩාමක් ලෙස තමයි අපි කළේ. සිනමාපට බෙදාහැරීමේ සම්ප්‍රදාය ක්‍රමවේදයක් ලංකාවෙන් පිටත තිබුණත් එය අපගේ නිර්මාණයට ගැලපෙන්නේ නෑ.  අපි ඒ සදහා උත්සාහා කළත් ඔවුන් අපගේ නිර්මාණය මිළදී ගැනීමට ලොකු මුදලක් යොදවන්නේ නෑ.

කලිකාලන් චිත්‍රපටය සිනමාහල් වල තිරගත කිරීමට ගන්නා තීරණය සමග ඔබේ අත්දැකීම කොහොමද?

කෝඩිෂ්වරන් –  කලිකාලන් චිත්‍රපටය මට පැය එකහමාරෙන් හදන්න පුලුවන්.  නමුත් මේ අලුත් අත්සාහය තුළ අපට ඒ්ක කරන්න බෑ. අපි  සංස්කරණය කලා. පස්සේ අවසානයට ආවේ මිනිත්තු 58යි.  ඒක අඩුකරලා අඩුකරලා තමයි  මිනිත්තු 47කට හැදුවේ.
ලංකාවේ ඉන්න ඉන්දියන් චිත්‍රපට බෙදාහරින්නන් හට මේක ගත්තට ලාභයක් නෑ.  ඒත් එයාල ගේන හින්දි චිත්‍රපටය බලන්න සමහර විට චිත්‍රපට ශාලාවේ ඉන්නේ 50ක් වුණත් එයාලට ඒක ලාභයි.  ලංකාවේ  චිත්‍රපට නිශ්පාදකවරයෙක් අපේ චිත්‍රපටය ගෙවලා ගන්න කැමති නම්  අපි අවශ්‍ය විදිහට නිර්මාණය කරලා  සිංහල පරිවර්තන යොදලා දෙන්න අපි කැමතියි.
වෛද්‍ය සුගුනන්ගේ දායකත්වය නිසා මේ චිත්‍රපටයට විශාල අඩිතාලමක් ලැබුණා. (පිම්මක් වුණා. ) අපි පියවරෙන් පියවර ගියා නම් ඩොක්ටර්  හමුවුණ නිසා අපි පියවර කීපයක්  ඉදිරියට ආවා. එයා විවිධ ක්ෂේත්‍ර වල ජනප්‍රිය කෙනෙක් නිසා ඔහුගේ සියලු හැකියාවන් ,සම්බන්ධකම් මේ චිත්‍රපටය සාර්ථක කරගැනීමට බලපෑවා

 

සිනමාස් විසින් නිෂ්පාදනය කරන ලද “කලිකාලන්” කෙටි චිත්‍රපටය.

 

කතාව සහ අධ්‍යක්ෂණය –   කෝඩීස්වරන් SIPS

ප්‍රධාන නිෂ්පාදක  –  පරමසිවම් මුරලිදරන්

සම -නිෂ්පාදනය – .ගුණසිංහම්  සුගුණන්

 

සාකච්ඡා සටහන – කුමාරි ප්‍රනානදු
ඡායාරූප – එස්. මායාදුන්න

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article