Friday, September 20, 2024

ප්‍රබල බෙල්ජියම හා ජර්මනිය ලෝක කුසලානයෙන් ඉවතට

Must read

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ (01) අවසන් වූ තරඟ වල තීරණ අනුව ප්‍රබල පාපන්දු කණ්ඩායම් වන බෙල්ජියමට හා ජර්මනියට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

 

එහිදී බෙල්ජියම් කණ්ඩායම සහ ක්‍රොඑශියා කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරව නිමවූ අතර ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම් වල දෙවන ස්ථානයේ පසුවන බෙල්ජියමට තරඟාවලියේ පලමුවටයෙන්ම ඉවත් වීමට සිදුවිය.

 

එම කාණ්ඩයේ අනෙක් තරඟය වශයෙන් පැවති කැනඩාව හා මොරොක්කෝව අතර තරඟයෙන් 2ට 1ක් ලෙස ජයගත් මොරොක්කෝව මෙවර පාපන්දු ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

එමෙන්ම ජර්මනිය හා කොස්ටරිකාව අතර පැවති තරඟයෙන් ජර්මනිය ගෝල 4 -2 ක් වශයෙන් ජයගත්තද, ජපානය විසින් ගෝල 2-1 ක් වශයෙන් ස්පාඤ්ඤය පරාජයට පත් කිරීම හේතුවෙන් සිව්වරක් ලෝක ශූරයන් බවට පත්වූ ජර්මනියට පලමුවටයෙන්ම සිය ලෝක කුසලාන බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවිය.

ඒ අනුව එම කාණ්ඩයෙන් ජපානය හා ස්පාඤ්ඤය අවසන් 16 දෙනාගේ වටවට තේරී පත්විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article