Friday, September 20, 2024

සුපිරි වැඩ්ඩන් රැසක් පෙනි සිටින පාපන්දු තරග කිපයක්ම අද පැවැත්වේ .

Must read

පාපන්දු ක්‍රිඩාලෝලින් අතර ජනප්‍රියම කණ්ඩායමක් වන  බ්‍රසීලය 2022 පාපන්දු ලෝක කුසලානය සදහා අද  කටාර්හිදී තරග වැදිමට නියමිතය. ජී කාණ්ඩයේ තරගයකදී තියාගෝ සිල්වාගේ නායකත්වයෙන් යුත් තරු පිරුණු කණ්ඩායම සර්බියාවට එරෙහිව තරග වැදීමට නියමිත අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 12.30ට Al Daayen හි Lusail ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය

තවත් පාපන්දු ලෝක කුසලාන තරග තුනක් අද කටාර්හිදී පැවැත්වේ.

ස්විට්සර්ලන්තය සහ කැමරූන් අතර ජී කාණ්ඩයේ තරගයක් අද පස්වරුවේ අල් වක්රාහි අල් ජනූබ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය

උරුගුවේ සහ දකුණු කොරියාව ද අද ලෝක කුසලාන තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 ට දෝහා හි අධ්‍යාපන නගර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත

මේ අතර, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගාලය අද සවස එච් කාණ්ඩයේ ලෝක කුසලාන තරගයකදී ඝානාව සමග තරග වැදීමට නියමිතය.තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 සිට දෝහා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article