Saturday, September 21, 2024

උතුරේ විරු සැමරුම් වලට පොලීසියෙන් බාධා

Must read

මහවිරු දිනය සැමරීමට සූදානම් කටයුතු උතුරේ සිදුවෙමින් තිබෙන පසුබිමක  මුලතිව් පොලිසිය විසින් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් සහ අතුරුදන් වූවන්ගේ ඥාතීන් වන මරියසුරේස් ඊශ්වරී ඇතුළු පිරිස කිසිදු හේතුවක් නොමැතිව ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබේ.

ඊයේ (17)  සවස 5 ට මුලතිව් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හමුවිම සදහා මෙම පිරිස කැඳවා ඇත.

පොලිස් නියෝගයක් හෝ තැපැල් මුද්දරයක් නොමැතිව කුඩා සුදු කඩදාසියක සිතාසි නියෝග ලියා අද පොලිසිය අදාළ පුද්ගලයන්ගේ නිවෙස්වලට පෞද්ගලිකව ගොස් මුලතිව් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හමුවෙන ලෙස දැනුම් දී තිබේ. නිසි හේතුවක් නොමැතිව මෙලෙස ඔහුව කැඳවීම සම්බන්ධයෙන් ප්‍රෙද්ශයේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article