Friday, September 20, 2024

තිලංගට ලක්ෂ 250ක් ගෙවන්න අර්ජුනට නියෝග

Must read

හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන 25ක වන්දියක් ගෙවන ලෙස ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) නියෝග කළේය.

ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරකට තමන් සුදුසු පුද්ගලයකු නොවන බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉකුත් 2003 වර්ෂයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි තිලංග සුමතිපාල මහතා විසින් 2017 වසරේදී සිදුකල පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් පසු  විනිසුරුවරුන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණසේකර යන මහත්වරුන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.

2017 වසරේ සිට සිදුකල දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වසර පහකට පසු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල විත්තිකාර අර්ජුන රණතුංග මහතාට මෙම නියෝග කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article