Thursday, November 14, 2024

ත්‍රස්ත පණත, උතුරු නැගෙනහිර ජනයා සහ දකුණේ සිවිල් සමාජය ..

Must read

ත්‍රස්ත  පණත යටතේ සිරගත කොට ඇති වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් ගැන දකුණේ සිවිල් සමාජයද අරගලයකට පිවිසි ඇති බැව් පෙනේ .

අරගලකරුවන්ට එරෙහිව දකුණේ ක්‍රියාත්මක මර්ධනයට එරෙහි අරගලයේ  දිගුවක් ලෙසින් සිවිල් සමාජයද එක්ව සිටිනු දැකිම හොදය.

එහෙත් ගැටළුව වි ඇති මැතිවරණ හෝ දකුණේ බහුතර සිංහල ජනයා ගේ ඡන්ද ගැන කිසිදුව උනන්දුවක් ඇතිවිමට කාරණා නැති සිවිල් සමාජය පවා මේ අවස්ථාවේදි ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති 130 කට ආසන්න දේශපාලන සමාජ ක්‍රියාකාරින් ගැන අමතක කරමින් සිටිම ගැනය.පසුගියදා සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද දමිල රැදිවියෙකු වසර  16 ක් සිරගතව සිටින අයෙකි

දකුණේ ජනඅරගලකරුවන් එහෙම පිටින්ම උතුරේ පිඩාවට පත්ව සිටින ජනයාව අමතරක කර අතැැයි කියන්නට කදිමම නිදසුන වන්නේ මඩකලපුවට ගොස් ත්‍රස්ත පණතට එරෙහිව සිංහල බැනර් වල වසන්ත ගැන සහ සිරිධම්ම හිමි ගැන පමණක් සටහන් කරමින් මඩකලපුවේ ගාන්ධි උද්‍යානයේදි උද්ගෝෂණ කිරිමය.
සැබැවින්ම මෙය දකුනේ අරගලකරුවන්ගේ ප්‍රතිපත්ති මුලික ස්ථාවරයන් ගැන ලිට්මස් පරික්ෂණ වනවා නිසැකය.
දැන් දකුනේ සිවිල් සමාජයද ඒ මගට පිවිස ඇත

මේ කටුක ඇත්ත ප්‍රශ්ණ නොකර ඇතැම් සිවිල් කණ්ඩායම්ද දැන් ත්‍රස්ත පණතේ දකුණට සිමාකරමින් අරගලයකට පිවිස ඇත

ප්‍රතිපත්ති මුලික සමාජ අරගලය යනු එකකි. ජනප්‍රිය තලයේ සහ සමාජ මාධ්‍ය සංදර්ශණ තවත් එකකි .

දැන් අරගල යනු බොහෝ විට ජනප්‍රිය ආකාරයේ අඩුවැඩි මාධ්‍ය සංදර්ශනයන්ය.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article