රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමින් යුතු හා 1Kg බරකින් යුතු රන් බිස්කට් 08ක් ගුවන්තොටුපලෙන් පිට කිරීමට උත්සහ කල ගුවන් තොටුපල ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (27) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද උදෑසන ඩුබායි සිට පැමිණි ඉන්දීය ජාතික ගුවන්මගියෙකු විසින් මෙම රන් බිස්කට් තොගය අදාල ආරක්ෂක නිලධාරියාට ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ දී ලබා දී ඇති බවට මත්ද්‍රවය්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක පහල කරයි. පසුව මෙම ආරක්ෂකනිලධාරයා විසින් මෙම රන් බිස්කට් තොගය තම කළිසම් සාක්කුවේ සගවා ගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය පසු කර ගෙන යෑමට උත්සාහ දරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
( ඡායාරූපය – ලංකාදීප)