Saturday, November 23, 2024

මුල්ලිවයික්කාල් මිදුල කඳුළින් තෙත් වේ!

Must read

2009 වසරේ මැයි මස 18 වෙනිදා ශ්‍රි ලංකා රජය එල්.ටී.ටී.ඊ සංවිධානය යුද්ධයෙන් පරාජය කළ දිනය ලෙස සනිටුහන් වේ. ඒමෙන්ම අද මුල්ලිවයික්කාල් දෙමළ සංහාරයේ 13 වැනි සංවත්සරය ලෙසට නම්කර ඇත.
අද දිනට සනිටුහන්වන්නේ යුද්ධය අවසන්කර ගෙවෙන 13 වෙනි වසරයි. ජාතියක් ලෙස සිය විමුක්තිය වෙනුවෙන් නැගී සිටි දෙමළ ජනතාව ඒ වෙනුවෙන් අනෙක විද දුක්කම් කටොලු , ජීවිත අහිමිවීම් ,අතපය අහිමිවීම් ඇතුළු යුග ගණනක ජීවිත පරාජයක් උරුමකරගන්නා ලදී. උතුරේ මව්වරුන්ට දරුවන් අහිමිවූවා මෙන්ම දකුණේ මව්වරුන්ටද යුද්ධයෙන් දරුවන් අහිමි විය. යුද්ධයේ අවසන් අදියරේදී දස දහස් සංඛ්‍යාත ජනතාවක් පටු බිම් ප්‍රදේශයකදී  සමූලඝාතනය වූ බවත් , හමුදාව වෙත බාරදුන් තවත් දහස් ගණනක ජනතාව තවමත් අතුරුදහන්ව ඇති බවටත් යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය පවසයි. යුද්ධයේ අවසාන කාලය මුල්ලිවයික්කාල්හි දස දහස් ගණනක් ජනයා රැස්ව සිටි කාලයකි.

පෙර වසර වලදී මෙන්ම අද (මැයි 18 ) මුල්ලිවයික්කාල් සමරු කලාපයේදී යුද්ධයේ අවසාන කාලයේදී මියගිය පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින් විසින් ,මරාදැමූවන් සිහිකරමින් පොදු ගිනිසිළුව දල්වා සිය ඥාතීන් වෙත ගිනි දල්වා මල් ඉසිමින් සිය ඥාතීන්ට උපහාර දක්වන ලදී.
මෙම උපහාරය පිදීම අදට සතියකට පෙර සිටම උතුරරේ මෙන්ම නැගෙනහිරත් විවිධ ස්ථාන වලදී විවිධාකාරව ක්‍රියාවට නැගුනි. මෙහිදී 2009 යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ දස දහස් සංඛ්‍යාත ජනතාව දැවැන්ත ආහාර අර්බුදයකට මුහුණ දුන් අතර එහිදී ඔවුන් ආහාර සඳහා විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්හ. මෙම නිරාහාර ජනතාව සිහිකරමින් සතියක් පුරා උතුරු නැගෙනහිරදී කැඳ පිසීමක් සිදුකරමින් කැද දානය සිදුකරන ලදී. අදත් මුල්ලිවයික්කාල් සමරු කලාපය තුළදී යුද්ධයේ අවසාන කාල සිමාව තුළදී කුසගින්නෙන් පීඩාවිදි දමිළ ජනතාව සිහිකරමින් ආහාරමය දානයක් ඔවුන් වෙත පූජා කරන ලදී.

ඡායාරූප – ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article