Friday, September 20, 2024

නලාකරුවන් වු කලාකරුවන්ට වචනයක්…

Must read

කලාකරුවන්, මාධ්‍යවේදීන් යන කොට්ඨාසය රටක ජනතාවට ඉදිරියෙන් සිට අනාගතය බුද්ධියෙන් දැක පාර කියන පිරිසකි.

මොවුන් රටේ ලයිසන් ඇති ප්‍රබුද්ධ කලාකරුවන් අනාගතය සංවේදීව සහ මානවහිතවාදීව දකින්නන් යැයි නම් දරා සිටියත් ඔවුන් සියලු දෙන එක්ව රට තල්ලු කරන ලද ප්‍රපාතය සුලුපටු නැත.

මට සමාවෙන්න කී පමණින් රටේ කඩාවැටීම නිවැරදි වන්නේ නැත.

මේ උදවිය මහජන ධනය හොරා කෑ සහ තක්කඩිකමේ මුදුන් මල්කඩ බඳු රාජපස්ස පඩංගු වල අපරාධ පෙර වැරදි ගැන හේතු යුක්ත සහගත සාක්ෂ්‍ය ඕනෑ තරම් තිබුණත්, රට ජාතිය බේරාගැනීම වැනි සංවේදී සිද්ධාන්ත ටච් කරමින්, ඒ සියලු රාජපක්ස අපරාධ වසා 69 ලක්ෂයක් ජනතාව ද රවටා තනි තක්කඩියකු වෙත ඒකාධිපති බලතල ලබා දීමේ සාපයේ ප්‍රතිපල රටම විදවනව.

ඒ නිසා 69 ලක්ෂයක් වූ රැවටුණු ජනතාව තමන් අතින් සිදු වූ වරද ගැන ඇති බර තැබීමයි, මේ උදවිය සුවහසක් ජනතාව නම්දරාපු පල් හොර තක්කඩියකු වෙත කලා සුකුරුතාං වලින් රවටා දැමීමයි දෙකකි.

මොවුන් මේ අපරාධයේ ප්‍රබල පංගු කරුවන්ය.

දියුණු මානව ශිෂ්ටාචාරය පිලිගන්න ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන අප මේ මිනිදුන්ගේ හිස් බව මැදිහත්ව දකිමු

ඔවුන් කල කලාවේ මානව වාදී නිර්ණායක ගැන කතා කල අප අද ඔවුන් කලාවෙන් උපයාගත් ප්‍රතිරූප අවභාවිතාකර කරන ලද අපරාදය අබිමුව කිරිපණුවන්සේ ඇඹරෙන හැටිද දකිමු

වින්දනීය නැතත් ජුගුප්සාජනක වුවත් මැදිහත් සිතින් ඒ දෙස බලා සිටිමු

(සමනොළ විජේරත්නගේ ⁣⁣ෆේස්බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article