Friday, September 20, 2024

අවුරුද්දට ගමට යන්න සෙනඟ නැතුව දුම්රිය 8ක් අවලංගුයි

Must read

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බ්ම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා යොදවා තිබූ විශේෂ දුම්රිය අටක් මගීන් නොමැතිවීම හේතුවෙන් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව,

  • ඊයේ සහ පෙරේදා  පෙරවරු 9.00 කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය
  • 9,10හා 11 රාත්‍රී 7.00 කොටුවේ සිට ගාල්ල දක්වා වූ දුම්රිය
  • 10  සහ 11 දහවල් 12.30ට කොටුවේ සිට  අනුරාධපුර බලා යන දුම්රිය අවලංගු කර ඇත.
  • ඊට අමතරව ඉකුත් 9 වැනි දා උදේ 9 .30ට කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය කළ දුම්රිය මගීන් නොමැතිවීම හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයෙන් හරවා නැවත කොළඹ බලා ධාවනය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article