Saturday, September 21, 2024

මඩකලපුවේ සාමකාමී විරෝධතාවක්!

Must read


මඩකලපුව කාර්්‍ය මන්ඩලය සහ මඩකලපුව දිස්ත්‍රික් සර්වාගමික එකමුතුව ඊයේ සවස මඩකලපුවේදී සාම යාඥා විරෝධතාවක් පවත්වන ලදී.

රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයට විරෝධය පළ කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කරිටාස් ආයතනයේ හි අධ්‍යක්ෂ බිෂොප් ගරු ඒ.යේසුදාසන් අඩිගල හිමිගේ ප්‍රධානත්වයෙන් තාන්ඩවන්වේලි ශුද්ධවූ උපහාර මාතාව දේවස්ථානයේදී සාමකාමී විරෝධතාවක් පැවැත්විණි.

“ආර්ථිකයේ කඩාවැටීමෙන් සහ වෙනත් ව්‍යසනයන්ගෙන් අපේ රට ආරක්ෂා කර බහුජන බහුත්වවාදී ජනතාවට සාමයෙන් සමගියෙන් ජීවත්වීමට ආශිර්වාද කරන්න” යනුවෙන් බැනර් රැගත් බහු නායකයින් සහ මහජනතාව ඇතුළු විශාල පිරිසක් විරෝධතාවයට එක්ව සිටියහ.

මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කයේ දේවගැති ආචාර්ය ජෝශප් පොන්නයා අන්දකායි, ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ ඊසානදිග දියෝකීසියේ සභාපති අරුල්කලනිති කේ ජෙරමියා අරුල් රාජා, තාණ්ඩවන්වේලි ශුද්ධවූ දේව මාතා දේවස්ථානයේ දී සම සභාපති එම්.ස්ටැනිස්ලෝස්, මෙම විරෝධතාවයට සර්වාගමික සංගමයේ උප සභාපති සාජහන්ත මවුලවි මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර මහජනතාව විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගී වී අදහස් දැක්වූහ.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article