Monday, September 14, 2026
spot_img

ඔඩ්ඩුසුඩාන්, විද්‍යාපුරම් ප්‍රදේශයේ අකුණු සැර වැදීමෙන් නිවසකට හානි

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විද්‍යාපුරම් ප්‍රදේශයේ අද සවස අකුණු සැර වැදීමෙන් නිවසකට අලාභහානි සිදුවී ඇති අතර නිවසේ විදුලි සම්බන්ධතාවලටද ද හානි සිදුව ඇති අතර ගෘහභාණ්ඩ රැසකටද අලාභ හානි සිදුව තිබෙනවා.පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අද මුලතිව් දිස්ත්‍රික්කයට අකුණු සැර වැදීම සිදු විය

අකුණු සැර වැදීමෙන් නිවසෙහි වහලයට හා විදුලි උපකරණවලට මෙන්ම ගෘහ උපකරණ රැසකටද හානි සිදුවේ.සිද්ධිය සම්බන්ධයෙන් ඔට්ටුසුට්ටාන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

විපතට පත් වූවන් සඳහා වන්දි ලබාදීමට කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ නිලධාරීහු පවසති.


ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article