Friday, November 15, 2024

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාමට එරෙහිව යාපනයේත් විරෝධතා…

Must read

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට එරෙහිව දෙමළ ජාතික ජනතා පෙරමුණ පසුගිය 26 වනදා යාපනයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

පැයක පමණ කාලයක් යාපනය මධ්‍යම බස් නැවතුම්පල ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවයේදි එදා ආයුධවලින් විනාශ කළා, අද බඩගින්නේ, අපිට දෙමළ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් ස්වයං පාලනයක් තිබුණොත් පමණයි යන අදහස ඇතුළු කරුණු ගණනාවක් බැනර් වල සටහන් කර තිබුන බව යාපනයේ මාධ්‍යවේදින් වාර්තා කර ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්, එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ සුකාෂ් ඇතුළු එම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ මහජන ආධාරකරුවන් සහභාගී වීම විශේෂත්වයකි.
නිදර්ශන් – යාපනය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article