ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවා සංගමයේ හේලීස් ශාඛාවේ 71 වැනි වාර්ෂික සමුළුව පසුගිය 20 වනදා ගම්පහ දී පැවැත්විණි. සේවකයන්ගේ අයිතීන් සුරැකීම හා දිනා ගැනීම වෙනුවෙන් වන යෝජනා සහ වැඩ සටහන් ආදිය මෙහිදී හේලීස් ශාඛාවේ බහුතර සාමාජිකයන්ගේ කැමැත්තෙන් සම්මත කෙරුණු අතර ශාඛාවේ සභාපති මහින්ද අබේරත්න සහ ලේකම් ක්‍රිශාන්ත පෙරේරා යළි තෝරා ගැනිණි.
වාර්ෂික සමුළුවට CMU මව් සංගමය නියෝජනය කරමින් එහි සභාපති මංගල අබේවික්‍රම,ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි,නියෝජ්‍ය ලේකම් සෙල්ලයියා පලනිනාදන් සහභාගිවිය.