Saturday, September 21, 2024

තෛයිපොංගල් සමරා මුහුදේ දිය නෑමට ගිය තරුණයින් රළ පහරට බිලිවෙයි

Must read


ඊයේ දහවල් මඩකලපුව ග්‍රාන් හි නාගවත්ත ප්‍රදේශයේ මිතුරන් සමඟ මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. එක් පුද්ගලයෙකු බේරාගැනිමට හැකිවී තිබේ. මුහුදු රළට හසුව අතුරුදන් වී ඇත්තේ පුත්සාලෙයි වීදි කිරන් ප්‍රදේශයේ පදිංචි එස්.අක්ෂයියන් (16) නැමති තරුණයෙකි.
ඊයේ තෛයිපොංගල් සැමරුම් පොංගල් දිනය හේතුවෙන් ග්‍රෝන් ජාතික පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුන් 07 දෙනෙකු දවල් වනවිට අසල වෙරළට ගොස් දිය නෑමට ගොස් තිබේ. දිය නාමින් සිටියදී නැගුන දිය පහරට පුද්ගලයන් දෙදෙනකු ගසාගෙන ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කල්කුඩා පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙම සිදුවීම ග්‍රාන් ප්‍රදේශයේ ජනතාව අතර ශෝකයට හේතු වී තිබේ.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article