මැණිකේ මගේ හිතේ ගීතය හරහා ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා හට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා මෙයි. මේ බව “ලංකාදීප” වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
මේ සදහා වන යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්ය. ඇයට මෙලෙස ඉඩමක් ලබාදීමට හේතු වී ඇත්තේ නවපරපුරේ ගායිකාවක වශයෙන් ඇය ලාංකීය ගීතයක් ජාත්‍යන්තරයට රැගෙන යාම හා ඒ හරහා ඇය ලබාගත් රසික ප්රසාදයය
මෙම ඉඩම් කැබැල්ල බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් ලබා දීමට යෝජනා වී ඇති අතර ,.1996 ලෝක කුසලානය දිනූ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ට ලබාදී ඇති ඉඩම් කොටස් වලට යාබදව එම ඉඩම් කැබැල්ල පිහිටා ඇත.