අද සවස්වරුවේ මුලතිව් මුහුදු වෙරළේදී යුද්ධයෙන් මියගිය දමිළ ජාතිකයන් සිහිකිරීමේ වතාවකට සහභාගී වූ දෙමළ ජාතික පක්ෂයේ මධ්‍යම විධායක කමිටු සභික පීටර් ඉලංචේරියන් සහ ඔහුගේ බිරිදව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීමට එරෙහිව මුලතිව් හි 70 දෙනෙකුට එරෙහිව පනවා තිබූ අධිකරණ තහනම නැවත මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් නැවතත් සංශෝධනය කළ අතර ඒ අනුව සැමරුම් සිදුකිරීමට තිබූ නීතිමය බාධාව ඉවත්කරන ලදී. තත්ත්වය එසේ තිබියදී අද සවස මුලතිව් වෙරළේදී පැවති සැමරීම අවස්ථාවේදී පීටර් ඉලංචේරියන් සහ ඔහුගේ බිරිදව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සම්බන්ධයෙන් තිබූ වෙනත් චෝදනවාක් පදනම් කරගනිමින් බව වාර්තා වේ.
නොවැම්බර් 17 වනදා මුලතිව් පොලිස් වසමට අයත් ප්‍රදේශයේ විරු සමරු පැවැත්වීම පීටර් ඉලංචේරියන් ඇතුළු දොළොස් දෙනෙකු ට තහනම් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුුණි. පසුව නොවැම්බර් 17 වනදා අධිකරණ නියෝගය බාරදීමට පොලීසිය විසින් ඉලංචේරියන් මහතාගේ නිවසට ගිය අවස්ථාවේ දී පීටර් ඉලංචේරියන් මහතා විසින් එම පිටපතේ තමන්ගේ පියාගේ නම වැරදියට සදහන්ව ඇති බැවින් එය බාරගැනිමට නොහැකි බව ප්‍රකාශ කරමින් අධිකරණ නියෝගය ආපසු හරවා යැවීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් අධිකරණය විසින් පසුගිය 17 සහ 23 වන දින මුලතිව් දිස්ත්‍රික්කයේ දේශපාලන චරිත ඇතුලු ක්‍රියාකාරීන් හැත්තෑ දෙනෙකුට විරු සැමරුම් තහනම් කරමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය නැවතත් මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා විසින් සංශෝධනය කරන ලදී. ඒ අනුව මුලතිව් දිස්ක්කය තුළ යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීමට පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ තහනම අහෝසි වූ අතර මෙය මානුෂික අයිතියක් යන නිර්වචනය තුළ සැමරීම සදහා පනවා තිබූ නීතිමය බාධා නොවැම්බර් 25 වනදා ඉවත්කරන ලදී. එම නඩුවේ විිතයන් වෙනුවෙන් නීතීඥ කේෂවන් සයන්තන්, එස්.සයන්ජන්දන්, වී.එස්. නීතීඥ නිතියනන්දරාසා සහ කේ.ගණේෂ්වරන් යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.