Saturday, September 21, 2024

විරු සැමරුම මානුෂික අයිතියක් – මුලතිව් අධිකරණය තහනම ඉවත්කරයි

Must read



උතුරේ දී  යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීම තහනම් කරමින් පසුගිය දා නිකුත් කර ඇති මහවිරු සැමරුමට එරෙහි තහනම් නියෝගය මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා විසින් අද සංශෝධනය කර තිබේ.

මෙම සංශෝධිත තීන්දුව ලබාදී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයට නිකුත් කර ඇති මහවිරු දින තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කළ අයදුම්පත විභාගයට ගැණුන අවස්ථාවේදීය. මුලතිව් දිස්ති‍්‍රක්කයේ දේශපාලන චරිත ඇතුළු හැත්තෑ දෙදෙනෙකුට පසුගිය 17 සහ 23 යන දෙදින තුළ මුලතිව් දිස්ති‍්‍රක්කයේ දිවි පිදූ දින සැමරුම් පැවැත්වීම අධිකරණය විසින් තහනම් කරනු ලැබීය. මෙම නඩුව අද මුලතිව් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ආර්.සරවනරාජා මහතා විසින් මේ සම්බන්ධයෙන් සංශෝධිත නියෝගයක් නිකුත් කරන ලදී. ඒ අනුව අධිකරණය විසින් විරු දින උත්සවය සැමරීමට ඇති බාධාව ඉවත්කර නීතිමය අවසරයක් ලබාදී තිබේ.

වින්ඳිතයන් වෙනුවෙන් නීතීඥ කේෂවන් සයන්තන්, එස්.සයන්ජන්දන්, වී.එස්. නීතීඥ නිතියනන්දරාසා සහ කේ.ගණේෂ්වරන් යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එම නියෝගය සම්බන්ධයෙන් නීතිඥ කේසවන් සයන්තන් මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියේ විරු සැමරුම නොපැවැත්විය යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කර ඇති ප්‍රකාශ මත නොවැම්බර් 17 සහ 23 යන දිනවල විවිධ පොලිස් ස්ථාන හතකින් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා. අප විසින් ඉදිරිපත්කර අතුරු තහනම් නියෝගයේ දී නම් කර ඇති විත්තිකරුවන් වෙනුවෙන් අපි අද අදාළ පුද්ගලයන් කැඳවා සභාවට පැමිණ කරුණු ඉදිරිපත් කළ අතර එය මනුෂ්‍ය ස්වභාවයක් බව සඳහන් කරමින් අද දින විරු සමරු උත්සවය සැමරීමට එරෙහිව නියෝගය සංශෝධනය කරනු ලැබුවා.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article