Friday, October 16, 2026
spot_img
spot_img
spot_img
spot_img

විරු සැමරුම් නැවැත්වීමට මුලතිව් පොලීසිය අධිකරණයට යයි

Must read



උතුරු ප්‍රදේශයේ පැවත්විමට නියමිත මහවිරු දින සැමරුම් උත්සවවලට මෙවරත් පොලිසිය වාරණ පැනවීම ආරම්අභ කර තිබේ.
නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු සමරු උත්සව වාර්ෂිකව පැවැත්වේ
.
මහවිරු සතිය මේ මස21 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.මේ අතර මෙවරත් මහවිරු සමරු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බව පවසමින් තහනම් නියෝගයක් ලබාගැනීමට මුලතිව් පොලිසිය කටයුතු කරමින් සිටිනවා.විශේෂයෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ දේශපාලන චරිත, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වවල මැදිහත්වීම් සම්බන්ධයෙන් හෙට මුලතිව් අධිකරණයේදී තහනම් නියෝගයක් නිකුත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.විශේෂයෙන් මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයන් 12 දෙනෙකුට සහ ඔවුන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගැනීමට උත්සාහ කරන බව දැනගන්නට ඇත.


ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article