Saturday, November 23, 2024

සූවස් ඇල හරහා නෞකාවක් සිරවීමෙන් ලෝක නෞකා ගමනාගමනයට බාධා : තෙල් මිලත් ඉහල යාමේ අවදානමක්

Must read

ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවීම නිසා මේ වන විට එම ඇල හරහා නෞකා ගමනයට බාධා එල්ලවී තිබේ.

“MV Ever Given” නම් මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන නෞකාවකි.මෙම නෞකාව සිරවිමත් සමග ඊට පසු පසින් තවත් නෞකා 100ක් පමණ පෙළ ගැසී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස සිරවී තිබෙන නෞකා අතර ඉන්ධන බැරල් මිලියන 13ක් රැගත් නෞකා 10ක් ද තිබෙන බවත්, මෙම තත්ත්වය සමග ලෝක ඉන්ධන වෙළෙදපළේ ඉන්ධන මිල සීයයට 2 කින් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන හිඟයක් ඇතිවේය යන්න සම්බන්ධයෙන් බියක්ද ඇතිව තිබෙන බවත් වාර්තා වෙයි.

මිට අමතරව ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, එන්නත් ප්‍රවාහනය කිරීමේ නෞකාද මෙලෙස සිය ගමන්ගම අවහිර වීමෙන් සිරවී ඇති බව වාර්තා වෙයි.

සුවස් ඇල හරහා නෞකා ගමනා ගමනයට බාධා එල්ලවී තිබීම නිසා එම තත්ත්වය මගහැර යාත්‍රා කිරීමට නම් අප්‍රිකානු මහ්ද්ධිවිපය හරහා යාත්‍රා කිරීමට නෞකාවන්ට සිදුවන අතර ඒ සඳහා අවම වශයෙන් දින 10ක කාලයක් ගතවන අතර යාත්‍රා කිරීමට සිදුවන අමතර දුර ප්‍රමාණය නාවික සැතපුම් 5000කි.

මේ වන විට සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන “MV Ever Given” නෞකාව ක්‍රමයෙන් යාත්‍රා කිරිමට හැකිවන ලෙස අවශ්‍ය කටයුතු සකස් කරලීමට දැඩි උත්සහයක නිරතව සිටින බවයි
මේ දක්වා ගනු ලැබූ උත්සාහයන් අනුව සැලකිය යුතු ප්‍රථිපලයක් අත්කර ගැනීමට මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරත පිරිස් වලට හැකියාව ලැබී නොමැති අතර නෞකාව සිරවී තිබෙන තැනින් පිටතට ඇදීම සඳහා ඊජීප්තුව විසින් ඔවුන් සතු සියලු ටග් යාත්‍රා පිටත් කර යවා ඇත.නෞකාවේ අන්ත දෙකම සුවස් ඇලේ ඉවුරට යාවි තිබීම නිසා එය මුදවා ගැනීමේ කටයුතු ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතුව ඇති බවත් එහි තිබෙන ඉන්ධන හිස්කොට, බහාලුම් පවා ඉවත් කිරිමට සිදුවන බවද ආචාර්ය Sal Mercogliano, BBC රේඩියෝ නාලිකාව සමග එක්වෙමින් කියා සිට ඇත.

(මූලාශ්‍රය – newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article