Sunday, September 22, 2024

සංවර්ධන නිලධාරීන් බදවාගැනීමේ වයස් සීමාව 45 දක්වා ඉහල දමන ලෙස ඉල්ලීමක්..

Must read

රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස පත්කිරීම හා පුහුණු කිරීම සදහා පලකරතිබූ පුවත්පත් දැන්වීම අනුව ඒ සදහා උපාධිධාරීන්ට ඉල්ලුම් කලහැකි උපරිම වයස් සීමාව අවු.35 ලෙස සදහන්ව තිබුණද එම සීමාව අවු.45 දක්වා  ඉහල නැංවිය යුතු බව සංවර්ධන නිලධාරී සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම සංවර්ධන සේවා නිලධාරී ව්‍යවස්ථාවට අනුව සිදුකර ඇති බදවා ගැනීමේ වයස් සීමා කප්පාදුව පැවති රජය විසින් නිවැරදි කිරීමක් නොකල අතර වත්මන රජයද ඒ පිලිබදව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා වයස්සීමා කප්පාදුව සිදුකිරීම පිලිබදව රජයට තමන්ගේ විරෝධය පලකරන බවද සංවර්ධන නිලධාරී සේවා සංගමය කියා සිටී.

Recruitment-of-Rural-Development-Officers-Grade-III-WPPSC-2017

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article