Friday, September 20, 2024

වතු කම්කරුවන්ගේ වර්ජනයට විවිධ පාර්ශව වල සහය

Must read

වතුකම්කරු වෘත්තීය සමිති විසින් අද(05) දිනයේදී ක්‍රියාත්මක කර ඇති එක්දින වැඩ වර්ජනයට විවිධ පාර්ශව රැසක සහයෝගය ලැබී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීමක් වශයෙන්  නුවරඑළිය, හැටන්, නෝර්වුඩ් ඇතුළු නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ කරඇති අතර වතු පාසල්වල ගුරුවරුන් අද අසනීප නිවාඩු වාර්තා කරඇති බවද වාර්තා වෙයි. එමෙන්ම කෙටිදුර ධාවනයේ යෙදෙන බස්රථ ද ධාවනයෙන් ඉවත්ව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළකර ඇති බව වාර්තා වේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන්නේ  වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරීම සදහාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article