Friday, September 20, 2024

සමාජ මාධ්‍ය හා දුරකතන වලට අද ලැබෙන පණිවිඩ ගැන විමසිල්ලෙන් සිටින්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Must read

අද (31) දිනයේදී සමාජ මාධ්‍ය හා දුරකතන ඔස්සේ ලැබනෙ පණිවිඩ සම්බන්දයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙයි.
නයිජිරියානු ජාතිකයින් පිරිසක් විසින් මෙරට සිට ක්‍රියාත්මක කර ඇති වංචනික සිදුවීම් හේතුවෙන් බොහෝ පුද්ගලයින් මුලාවට පත්ව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් වසර අවසානය සනිටුහන් වන අද දිනයේදී ඔවුන් එලෙස ක්‍රියා කිරීමේ වැඩි ඉඩක් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි

මෙම පිරිස විසින් සාදුකරන මෙම වංචනික ක්‍රියාවේදී විදේශ රටවල සිටින තමන්ගේ මිතුරෙකු හෝ ඥාතියෙකු විසින් එවන ලද තෑගී පාර්සලයක් හෝ වෙනත් දෙයක් ගුවන් තොටුපොළේ හෝ නැත්නම් වෙනත් නිෂ්කාෂණය කිරීමේ ස්ථානයක ඇති බවත් එය මුදාහැරීමට මුදල් ලබා දෙන ලෙස ඉල්ලිම් සිදුකිරීම හෝ විදෙස් රටක පැවති තරගයකින් ජයග්‍රහණය ලබා ඇති බවත් එය ලබාදීමට මුදල් ලබා දිය යුතු බව කියමින් මෙම විදේශිකයින් පිරිස වංචනික ලෙස මුදල් ලබාගැනීම වැනි කටයුතු බව නිරත වෙමින් සිටින බව මේ වන විට අනාවරණය වී ඇත.

මෙලෙස වංචනික ක්‍රියාවන් වලට සම්බන්ධ නයිජිරියානු ජාතිකයින් 24 දෙනෙකු පමණ පසුගිය දින කිහිපයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article