Friday, November 22, 2024

නිරෝධායනය කර සිටි පොලිස් නිලධාරීන් නිල නිවාස වසා දමා ගමේ ගිහින්

Must read

බොරැල්ල පොලිසියෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග නිල නිවෙස්වල නිරෝධායනට ලක්කර සිටි  පොලිස් පිරිසක් එම නිල නිවාස වසා දමා ගම්බිම්වලට යාමේ සිදුවීමක් සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇත.

බොරැල්ල පොලිසියෙන් වැඩිම ආශ්‍රිතයන් පිරිසක් වාර්තාවීමත් සමග ඒ අසලම පිහිටි පොලිස් නිල නිවාසයද නිරෝධායනයට යොමු කර තිබූ අතර නිරෝධායනයට ලක්කල නිවාසවලට අවශ්‍ය වියළි සලාක මලු බෙදාදීමට යාමේදී නිවාස හතක් වසා දමා තිබීමෙන් මේ බව හෙළිව ඇත.

මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා නිල නිවාස යළි පවරා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නියෝග කර තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article